Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කොග්ගල්ලට වල් අලි ඇවිත්

Author(s): 
ලුණම සමූහ සනත් ගමගේ

අම්බලන්තොට කොග්ගල්ල ප්‍රදේශයට ද වල් අලි දෙදෙනකු (17) කඩා වැදීම හේතුවෙන් එම ප්‍රදේශයේ ජනතාව තරමක නොසන්සුන්තාවකට පත් වූහ.

වල් අලි දෙදෙනා කොග්ගල්ල අමරදෙව් වැව ආසන්නයේ කුඩා කැළෑ රොදක් තුල සිටින බවට ප්‍ර දේශවාසීන් දැක පසුව හම්බන්තොට වන ජිවි කාර්යාලයේ නිළධාරීන් පැමිණ වල් අලි දෙදෙනා නිරීක් ෂණය කිරීමෙන් පසු වල් අලි දෙදෙනා එම ස්ථානයෙන් හම්බන්තොට මල් වත්ත දෙස කැළයට එලවා දැමීමට පියවර ගත් බව හම්බන්තොට වනජිවී කාර්යාලයේ අඩවි ආරක්ෂක ජේ.ඒ.පී විජය කුමාර මහතා කිය.

වල් අලි දෙදෙනා ගමට පැමිනීමෙන් කිසිදු දේපළ හා වෙනත් හානි කිසිවක් සිදු වී නැති බවද විජය කුමාර මහතා කීය.

හම්බන්තොට කටුවැව ප්‍රදේශයේ සිට වල් අලි දෙදෙනා කොග්ගල්ල ප්‍රදේශයට පැමිණ ඇති අතර ආහාර හිඟවීම හා කැළය නොමැති කම නිසා ගම්මාන ආසන්නයේ ඇති කුඩා කැළෑ රොදවල් වල්ට මෙලෙස වල් අලින් පැමීනීම සිදු වන බවද වනජීවී නිළධාරීහු පවසති.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();