Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ක්ෂය රෝගය සඳහා ප්‍රතිකාර නොගතහොත් සිර දඩුවම්

ක්ෂය රෝගය හදුනාගෙන ඊට ප්‍රතිකාර නොගතහොත් නීතියට අනුව සිර දඩුවම් විදීමට සිදු වන බව ශ්වසන රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න මැදගෙදර සදහන් කරයි.

ඒ සදහා ප්‍රතිකාර ලබා ගන්නා සෑම රෝගියෙකුටම රුපියල් 3500ක දීමනාවක් හිමිවන අතර එම දීමනාව ඉදිරියේදී රුපියල් 5000 දක්වා වැඩි කිරීමට කටයුතු කරන බව ඒ පැවසීය.

ජාත්‍යන්තර ක්ෂය රෝගය පිලිබද මාධ්‍ය දැනුවත්කිරීමේ හමුවකට එක් වෙමින් ඒ මේ බව කියා සිටියේය.

මේ අතර වසර 2017 දී ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ ක්ෂය රෝගීන් සංඛ්‍යාව 8511ක් බවත් ඉන් 8113ක් අලුතින් හඳුනාගත් රෝගීන් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.

බහු ඖෂධ ප්‍රතිරෝධී තත්ත්වයට පත් වූ රෝගීන් 23 දෙනෙකුට ප්‍රතිකාර ආරම්භ කිරීම 2017 වසරේ දී සිදුව තිබෙනවා. එසේ ම ක්ෂය රෝග සහ එච්.අයි.වී. ආසාදනය සහිත ද්විත්ව ආසාදිතයින් 24ක් 2017 වසරේ දී සොයාගෙන ඇත.

ක්ෂය රෝගීන් බොහොමයක් බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර එය 3601කි. ප්‍රතිශතයක් ලෙස සියයට 42%කි. කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් 2051ක් එනම් සියයට 24%ක් වාර්තා වේ.

ක්ෂය රෝගය කලින් හඳුනාගැනීමෙන් සම්පූර්ණයෙන් ම සුව කළ හැකි බව වෛද්‍යවරු පවසති.

2018 වසරේ මාර්තු 24 දින ලෝක ක්ෂය රෝග දිනය යෙදී ඇත.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();