ඇෆ්ඝන් තාලිබාන් ව්‍යාපාරයට රුසියාවේ සහය ලැබෙන බව ඇෆ්ගනිස්ථානයේ රඳවා සිටින ඇමෙරිකා හමුදාවේ ප්‍රධානියා පවසයි. ජනරාල් ජෝන් නිකොල්සන් නම් ඔහු පවසන්නේ අවි ආයුධ මගින් පවා රුසියාව තාලිබානුවන්ට ආධාර කරන බවයි.
ඔහු එසේ ප්‍රකාශ කළේ විදස් මාධ්‍යක් සමග විශේෂ සාකච්ඡාවකට එක් වෙමිනි.
රුසියන්වරුන් විසින් ඇෆ්ඝන් රජය පෙරළා දැමීමට පවා කටයුතු කරන ආකාරය තමා දැක ඇති බවත් තජිකිස්තාන් දේශසීමාව ඔස්සේ තාලිබාන් ව්‍යාපාරය සඳහා රහසිගතව අවි සැපයෙන බවත් සඳහන් කළ ජනරාල් නිකොල්සන්, එහෙත් එය කොපමණ ප්‍රමාණයකින් සිදුව ඇද්ද යන්න තමාට කිව නොහැකි බවත් සඳහන් කළේය.
ඔහු මෙම චෝදනා ඉදිරිපත් කරන්නේ රුසියාව සහ 'නේටෝ' බලවතුන් අතර සබඳතා ගැටුම්කාරී අතට හැරෙමින් පවතින පරිසරයක් තුළය.
ඇෆ්ඝන් භූමියේ සටන් වැදී සිටින ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයේ ප්‍රහාරකයන් ගේ සංඛ්‍යාව විශාල කර අතිශයෝක්තියෙන් සඳහන් කෙරෙන වාර්තාවක් දැක ඇති බව දතාලිබාන් ක්‍රියාකාරකම් නීත්‍යනුකූල කිරීමට සහ එක්තරා මට්ටමකින් ඔවුන්ට උදව් කිරීමට අවශ්‍ය යුක්තිය සොයා ගැනීමට රුසියාව ඒ වාර්තාව උපයෝගී කර ගත් බව ද ඔහු වැඩි දුරටත් එම සාකච්ඡාවේ දී පැවසීය.
තාලිබාන් ව්‍යාපාරය කෙරෙහි රුසියාවේ මැදිහත්වීම මෑතදී ගන්නා ලද පියවරක් ලෙස විශාවස තරන බව පවසන ඔහු රුසියාව තජිකිස්තානයත් සමඟ ඇෆ්ඝන් දේශසීමාවේ යුද අභ්‍යාස මාලාවක් ක්‍රියාවට නැංවූ බව අනාවරණය කරයි. ඔවුන් ඒ සඳහා රැගෙන ආ අවි ආයුධ සියල්ලම නැවත රැගෙන ගියේ නැති බව ඔහු ජනරාල්වරයා පැවසීය.

0 Comments