නිළ සංචාරයක් සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබේ.
අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ කොළඹ කොටස් වෙළඳපොල විසින් සංවිධානය කරන “ඉන්වෙස්ට් ශ්‍රී ලංකා” සමුළුව සඳහා සහභාගී වීම සඳහා රනිල් වික්‍රමසිංහ අද දිනයේ සිංගප්පූරුව බලා පිටත්ව ගිය බවයි.
ශ්‍රී ලංකාවේ ආයෝජන ප්‍රවර්ධනය සඳහා හෙට දිනයේ සිංගප්පූර්වේ ෆෝ සීසන්ස් හෝටලයේ දී පැවැත්වෙන මෙම සමුළුවට කලාපීය මුල් පෙලේ ආයෝජකයින් රැසක් සහභාගී වීමට නියමිතය.
2018 වසරේ ශ්‍රී ලංකා - සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම අත්සන් තැබීමත් සමඟ දෙරටේ ආර්ථික හා වෙළඳ සබඳතා ඉහළ තලයකට නැංවූනු අතර එම ගිවිසුම ඔස්සේ ශ්‍රී ලංකාවට ලැබෙන ප්‍රතිලාභ ඉහළ නැංවීමට මෙම සමුළුව ඉවහල් වනු ඇතැයි ද සදහන්.
0 Comments