අධික හිම පතනය හේතුවෙන් යුරෝපය පුරා බොහෝ රටවල දෛනික කටයුතු අඩපනව පවතින අතරවාරයේ ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර ගුවන් තොටුපොල තාවකාලිකව වසා දැමීමට සිදුව ඇතැයි විදෙස් වාර්තා පවසයි.
එහෙත් අද සවස ජිනීවා ගුවන් තොටුපොල යළිත් විවෘත කෙරෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
සයිබීරියාවේ සිට හමා එන අධික ශීතල සුළඟත් සමග යුරෝපය පුරා බොහෝ රටවල් වසර කිහිපයක් ඇතුළත ශීතලම කාලගුණයට මුහුණ දී සිටිති.
අධික ශීතල සුළඟ මෙන්ම අසාමාන්‍ය හිමපතනය ද හේතුවෙන් ප්‍රවාහන කටයුතු ඇතුළු බොහෝ දෛනික කටයුතු ඇනහිට තිබේ.
බොහෝ රටවල ජනතාව මේ කාලගුණයට අපූරු නම් තබා තිබේ. බ්‍රිතාන්‍යයේ ඇතැමුන් එය "නැගෙනහිරින් ආ මෘගයා" ලෙස හඳුන්වද්දී නෙදර්ලන්තවාසීන් එය හඳුන්වන්නේ "සයිබීරියානු වලසා" ලෙසය.
මේ අතර දරුණු අයහපත් කාලගුණය හේතුවෙන් ජීවිත හානි පවා සිදුවිය හැකි බවට නිරිතදිග එංගලන්තයේ සහ දකුණු වේල්සයේ වෙසෙන ජනතාවට අනතුරු අඟවනු ලැබ තිබේ.
0 Comments