ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය ලෝක සෞඛ්‍ය සංවිධානයේත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හා ලෝක බැංකුවේ පිළිගැනීමට ලක් වී ඇති බවත් ඒ හේතුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ බෝ නොවන රෝග පිළිබඳ සැසිවාරයේ දී ශ්‍රී ලංකාවට සම සභාපතිධූරය හිමි වී තිබෙන බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමැති රාජිත සේනාරත්න මහතා පවසයි.
ඒ මහතා මේ බව කියා සිටියේ ඊයේ(2) බණ්ඩාරණායක ජාත්‍යන්තර අනුස්මරණ ශාලාවේදී මෙඩි කෙයා 2018 ප්‍රදර්ශනය ආරම්භ කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අැමැතිවරයා මෙසේද පැවසිය.
පෙර පැවැති ආණ්ඩුව මහා මාර්ග සහ විවිධ ඉදිකිරීම් සිදු කිරීම විනා ජනතාවගේ සෞඛ්‍ය පිළිබඳ අවධානය යොමු නොකළ බවත් මේ ආණ්ඩුව බලයට පත් වීමෙන් පසුව ජනතාවගේ සෞඛ්‍ය පිළිබඳ දැඩි අවදානයක් යොමු කළා .
යහපාලන ආණ්ඩුව සෞඛ්‍ය හා අධ්‍යාපනය සඳහා අය වැයෙන් විශාල මුදලක් වෙන් කර තිබෙනවා. මේ ආණ්ඩුව ජනතාවට ගුණාත්මක සෞඛ්‍ය සේවයක් ලබාදීමට කටයුතු කරනවා. ශ්‍රී ලංකාව අඩු වියදමක් තුළින් ගුණාත්මක සෞඛ්‍ය අංශයක් පවත්වා ගෙන යාමට සමත් වී තිබෙනවා.
සෞඛ්‍ය ක්ෂේත්‍රයෙන් ශ්‍රී ලංකාවට ලෝකයේ ඉහළ තැනක් හිමිවී තිබෙනවා. වෙනත් රටවල් ඔවුන්ගේ සෞඛ්‍ය ක්ෂේත්‍රය වර්ධනය කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශය පිළිබඳ අවදානය යොමු කරනවා .
අපි වෙනත් රටවල සංචාර සඳහා ගිය විට ඒ රටවලින් අපගේ සෞඛ්‍ය අංශය පිළිබඳ විමසා සිටින තත්ත්වයක් තිබෙනවා. අද අප රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය විශාල වර්ධනයකට ලක්ව තිබෙනවා.මේ වන විට නිදහස් සෞඛ්‍ය සේවයක් ලංකාව තුළ ක්‍රියාත්මක වෙනවා.
රජයේ රෝහල් වල කිසිම ඖෂධයක් හිඟ නැහැ.එසේ හිඟවන්නේ නම් එය රෝහල් තුළ පවත්නා දුර්වලතාවයක් පමණයි. සියලු ඖෂධ පිළිබඳ තොරතුරු අපි පරිගණක ගත කර තිබෙනවා. යම් කිසි රෝහලක යම් ඖෂධයක් හිඟනම් වෙනත් රෝහලකින් එය ගෙන්වා ගැනීමේ හැකියාව පවතිනවා.
ලංකාවේ ආයුර්වේද වෛද්‍ය අංශය දියුණු කිරීම අවශ්‍යයි. පාරම්පරික ආයුර්වේද වෛද්‍ය අතීතයේ පැවැති දියුණු තත්ත්වයටම නැවත ගෙන ඒමට මෙම ප්‍රදර්ශනය තුළින් හාකියාව තිබෙනවා.රටේ සෞඛ්‍ය සේවයට පෞද්ගලික අංශය විශාල වශයෙන් මැදිහත් වෙනවා. පුදිගලික සෞඛ්‍ය සේවා දියුණු විය යුතුයි .එමෙන්ම සාධාරණ විය යුතුයි.
මෙහිදී අදහස් දැක්වූ ඉන්දියානු ශ්‍රී ලංකා මහ කොමසාරිස් තරංජිත් සිංග් සන්දු මහතා-
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශය වෙනත් දියුණු රටවලට සාපේක්ෂව බොහෝ ඉදිරියෙන් සිටින්නේ.මේ පිළිබඳව සෞඛ්‍ය අංශ ප්‍රධානීන් ආඩම්බර විය යුතුයි.ඉන්දියාව ඖෂධ නිපදවීම විශාල වශයෙන් සිදුකරනවා.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත වෛද්‍ය රාශ්‍රීථා පෙන්සේ මහත්මිය-
ලෝත සෞඛ්‍ය සවිධානයට වසර 70 ක් සැමරීම වෙනුවෙන් පැවැත්වෙන උත්සවයට මුල පිරීමක් ලෙස මෙම ප්‍රදර්ශනය හඳුන්වන්න පුළුවන්.ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශය ලෝක සෞඛ්‍ය සංවිධානයේ දැඩි පැසසුමට ලක් වී තිබෙනවා. ශ්‍රී ලංකාව මීට පෙර මැලේරියාව පරාජය කිරීමට හැකි වුණා. ශ්‍රී ලංකාව සතු සෞඛ්‍ය දැනුම මෙහිදී ජාත්‍යන්තරය හා ගෙන යාමට මෙම ප්‍රදර්ශනයේදී හැකියාව තිබෙනවා.
මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, මෙඩි කෙයා ප්‍රදර්ශනයේ සභාපති වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා,සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සහ දේශීය, විදේශීය වෛද්‍යවරුන් ද එක්වී සිටියහ.
සඳුන් රමේෂ්
ජායාරූප - සුලෝචන ගමගේ
0 Comments