2011 කැබිනට් අනුමැතියකින් ආරම්භ කිරීමට පියවර ගත්තා
- අනුරපුර දිස්ත්‍රික් ලේකම් ආර්.එම්. වන්නිනායක
තඹුත්තේගම නගරයේ පසුගිය දා (28) පැවැති උද්ඝෝෂණයට හේතු වූ රාජාංගණය ජලාශයේ ජල ව්‍යාපෘතිය 2011 වසරේ කැබිනට් අනුමැතියකින් ආරම්භ කරනු ලැබූවක් බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ආර්.එම්. වන්නිනායක පෙන්වා දෙයි.
කෙසේ වෙතත් මෙම ව්‍යාපෘතිය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත් බවද දිස්ත්‍රික් ලේකම්වරයා පවසයි.
මේ අතර විරෝධතාවට එක්වූ පිරිස් පවසන්නේ තමන්ට මේ පිළිබඳ නිසි අවබෝධයක් නොතිබීම හේතුවෙන් මෙවැනි කලහකාරී සිද්ධියකට මැදි වූ බවයි.
ප්‍රදේශයේ පවත්නා වකුගඩු රෝගය පාලනය කිරීමට අවශ්‍ය ජලය ලබාදීම සඳහා මෙම ජල ව්‍යාපෘතිය ආරම්භ කළ බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී දීප්ති සුමනසේකර මහතා සඳහන් කරයි.
රාජාංගණය ජලාශය හා සම්බන්ධ පානීය ජල ව්‍යාපෘතිය 2011 වසරේ අැමැති මණ්ඩල අනුමැතිය ලද එකක්. ගොවීන්ට හානියක් නොවන සේ දිනකට ජලය අක්කර අඩි 14ටත් අඩු ප්‍රමාණයක් ගන්න තමයි අපේක්ෂා කෙළේ. දැනගත්ත විගස අපි කීවා උද්ඝෝෂණවලට යන්න එපා සියලු කරුණු සාකච්ඡා කර තීරණයකට එමු කියලා.
2011 වසරේ අනුමැතිය ලද මේ ව්‍යාපෘතිය ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති ගොවීන් වෙනුවෙන් ගිය සතියේ විරෝධතාවක් ඉදිරිපත් කර තිබුණා.එම විරෝධතාවය පිළිබඳව තොරතුරු ජනාධිපතිතුමාට ලිපියක් මඟින් දැනුම් දුන්නා. ඊට පස්සෙ මේ පිළිබඳ පරීක්ෂාකර නිර්දේශ ඉදිරිපත් කරන ලෙස මට දැනුම් දුන්නා. ඒ අනුව මම ජලසම්පාදන මණ්ඩලයේ ,වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරිනුත් විරෝධතා දැක් වූ ගොවි සංවිධානයේ නිලධාරිතුමාත් ගෙන්නලා පුළුල් වශයෙන් සාකච්ඡා කළා. ඒ වේලාවේ ගොවින්ගේ තිබුණ බය තමයි දිගින් දිගටම රාජාංගන ජලාශයේ ජලය, පානීය ජලය සඳහා දෙන්න ගියොත් මදිවෙයි කියන එක.
ඒ වෙලාවේ ජල සම්පත් මණ්ඩලය, ගොවින්ට හානියක් නොවන සේ දිනකට ජලය අක්කර අඩි 14කටත් අඩු ප්‍රමාණයක් තමයි ගන්නේ. කිසිසේත්ම ඊට වඩා ගන්නේ නෑ. ඒ අවස්ථාවල උවත් වගාවන් පිහිටුවලා තිබෙනවා නම් වගාවලට හානි වෙනවා නම් වාරිමාර්ග දෙපාර්තමේන්තුව දෙන නිර්ණායක හා නියාමනයන් යටතේ මේක කරන්න යන්නෙ කියලා පැහැදිලි කිරීමක් කළා.
ඔය උද්ඝෝෂණය කළ වේලාවේ මම තඹුත්තේගම ප්‍රාදේශීය ලේකම් එතනට යැව්වා. කලින් සාකච්ඡා කර තිබූ නිසා එහෙම යවන්න ඕනෙත් නෑ.ඒ වේලාවේ ගොවීන් මා හමුවට ආවා. මම වාරිමාර්ග අධ්‍යක්ෂතුමාත් එතනට ගෙන්වා ගත්තා. මේ ප්‍රදේශයේ පානීය ජල ගැටලුවක් පවතින බව ඇත්ත. මහවැලි ජලයත් හැකි පමණින් ගන්න අපි සැලසුම් කර තිබෙනවා. මේ ව්‍යාපෘතියෙන් පානීය ජලය ලැබෙන්නේ 2021 වර්ෂයේයි. අනවශ්‍ය විදිහට උද්ඝෝෂණය කිරීම හානිදායකයි යැයි වන්නිනායක මහතා වැඩිදුරටත් පැවසීය.
රාජාංගණය ජලාශය ආශ්‍රිතව සිදු කරන ජල ව්‍යාපෘතියකට විරෝධය දක්වමින් තඹුත්තේගම නගරයේ පෙරේදා පැවති උද්ඝෝෂණයේ දී පිරිසක් කලහකාරී ලෙස හැසිරුණු අතර, එම පිරිස් විසුරුවා හැරීමට පොලීසිය කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කර තිබුණි. පාදෙණිය අනුරාධපුර ප්‍රධාන මාර්ගය අවහිර වන ලෙස මේ පිරිස උද්ඝෝෂණයේ නිරත වූ අතර, එය වළක්වාලමින් අධිකරණ නියෝගයක් ද ලබාදී තිබිණි. තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් එම නියෝගය ද කඩ කරමින් මෙම පිරිස කලහකාරී ලෙස හැසිරී තිබූ අතර, පනස් නව දෙනකු අත්අඩංගුවට ගනු ලැබුවේ ඔවුන් පොලීසියට ද ගල්මුල් ප්‍රහාර එල්ල කිරීමෙන් පසුව යි. එම පිරිස පසුගිය දා (28) රාත්‍රියේ තඹුත්තේගම මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කෙළේය. පනස් දෙනකු මේ මස 5 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටත්, නව දෙනකු ඇප මත මුදා හැරීමටත් නියෝග කැර තිබේ.
එසේම මෙම සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති එල්. පී. එස්. පී. සඳුන්ගහවත්ත මහතාගෙන් වාර්තාවක් කැඳවීමට ජාතික පොලිස් කොමිසම තීරණය කැර තිබේ.
උද්ඝෝෂණයේ දී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ පිරිස බැලීම සඳහා සමස්ත ලංකා ගොවි සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පෙරේදා (1) පැමිණ ඇත.
ඡායාරූප අනුරාධපුර මධ්‍යම සමූහ සහ අඹන්පොළ සමුහ
0 Comments