හල්දුම්මූල්ල පොලිස් වසමේ බඹරකන්ද ප්‍රදේශයේ වංගෙඩිගලකන්ද කඳුවැටිය තරණය කිරීමට ගොස් අතුරුදන් වූ විශ්වවිද්‍යාල සිසුන් කණ්ඩායමක් සොයා ගැනීමට මධ්‍යම ආරක්ෂක සේනා මූල්සථානයේ 11 දෙනෙකුගෙන් සමන්විත ගලවාගැනීමේ කණ්ඩායමක් පසුගිය බදාදා (28) සමත් විය.
මෙම සිසුන් කණ්ඩායම කඳුකරය තරණය කරමින් සිටියදී ඇතිවු අයහපත් කාලගුණයත් සමඟ ඇතිවූ වර්ෂාව, සන්ධ්‍යාවේ ඇතිවූ අඳුරු ස්වභාවය සහ මිදුම් තත්ත්වය හේතුවෙන් නිවැරදි මාර්ගය සොයා ගැනීමට නොහැකිව අතරමන් වී ඇත.
හල්දුම්මූල්ල පොලීසියේ සහන සේවා මධ්‍යස්ථානයේ දැනුම්දීමෙන් අනතුරුව මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස් ගේ උපදෙස් මත 11 දෙනෙකුගෙන් සමන්විත ගලවාගැනීමේ කණ්ඩායම දැඩි වර්ෂාපතනය, අධික සීතල කාලගුණය සහ ඝණ අන්ධකාරය මධ්‍යයේ කඳුකරය තරණය කරමින් සොයා ගැනීමේ මෙහෙයුම් දියත් කළහ.
කෙසේ වෙතත් පසුගිය බදාදා (28) දින උදෑසන වනවිට මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානයේ ගලවා ගැනීමේ කණ්ඩායම නිශ්චිත ස්ථානය නිරීක්ෂණය කරමින් කඳුකරයේ අතුරුදන් වී පීඩාවට පත්ව සිටි සිසුන් වෙත ළඟා වීමට සමත්විය.
මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානයේ නිලධාරියකුගේ අණදීම මත ක්‍රියාත්මක වූ මෙම යුද්ධ හමුදා කණ්ඩායම පැය පහක් පමණ කාලයක් පුරා සිදු කළ සෝදිසි මෙහෙයුමකින් අනතුරුව ඔවුන් ආරක්ෂිතව රැගෙන ඒමට සමත් විය.
මෙම ගලවාගැනීමේ කණ්ඩායම අතුරුදන් වූවන් සොයා ගැනීමෙන් අනතුරුව පසුදින එනම් 28 වැනිදා උදෑසන ආලෝකය වැටෙන තෙක් සිට හල්දුම්මුල්ල පොලීසියට පැමිණියහ.
මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපතිතුමන්ගේ උපදෙස් මත මෙම යුද්ධ හමුදා ගලවාගැනීමේ කණ්ඩායම විශ්ව ද්‍යාල සිසුන්ව උදෑසන 10.30 ට පමණ හල්දුම්මූල්ල පොලීසිය වෙත භාර දෙනු ලැබුහ.
ජායාරූප - ගාල්ල උතුර සමුහ
0 Comments