Ticker

6/recent/ticker-posts

Header Ads Widget

තොප්පිගල අක්කර තුන්දහසක් වී වගාවට

Author(s): 
විජයානි එදිරිසිංහ

යුද්ධය අවසන් වි වසර දහයකට කාලයක් ගත වුවත් තවමත් සංවර්ධනය නොවු නැගෙනහිර තොප්පිගල ප්‍රදේශයේ අක්කර තුන්දහසක භුමි ප්‍රමාණයක වී වගා කිරිම ප්‍රාදේශිය සංවර්ධන අමාත්‍යාංශය මගින් ආරම්භ කර තිබේ.

ඒ සදහා එතෙක් කාලයක් වැසි ගොස් තිබු තොප්පිගල අම්බුනාවි වැව අලුත්වැඩියා කර ජලය ලබා ගැනිමටද කටයුතු යොදා ඇත.

නැගෙනහිර පළතේ ජනතාවට අයත් එම වි වගා බිම් ප්‍රදේශ මෙතෙක් කාලයක් වගා නොකර පුරන්ව තිබුණද අම්බුනායි වැව අලුත්වැඩියා කර නොමැති විමත් වසර තිහක පමණ කාලයක් පුරන්ව තිබු එම භූමි ප්‍රදේශ පුරන්ව තිබුණත් මෙතෙක් කාලයක් කිසිවකුගේත් අවධානය යොමු වි තිබි නොමැත. මෙම භුමි ප්‍රදේශ සශ්‍රික කිරීමෙන් රටට විශාල වි ආදායමක් ලබා ගත හැකි බව අග්‍රමාත්‍ය වරයාත් ප්‍රාදේශිය සංවර්ධන අමාත්‍ය ‍ෆිල්ඩ් මාෂල් සරත් ‍ෆොන්සේකා මහතාත් සාකච්ඡා කර එම අමාත්‍යාංශය හරහා එම කටයුතු ආරම්භ කර තිබේ.

ප්‍රාදේශිය සංවර්ධන අමාත්‍ය ෆිල්ඩ් මාෂල් සරත් ‍‍ෆොන්සේකා මහතා පෙරේදා පැවැති අමාත්‍යාංශ ප්‍රගති සමාලෝචන රැස්විමේදි තොප්පිගල පමණක් නොව මෙම වසරේදි සිදු කළ යුතු තවත් සංවර්ධන කටයුතු කර්තව්‍යයන් විශාල ප්‍රමාණයක් සම්බන්ධයෙන් සාකච්ජා කළේය.

ඒ අනුව මඩකලපුව, අම්පාර ත්‍රිකුණාමලය අනුරාධපුර පුත්තලම ප්‍රදේශවලත් එවැනිම සංවර්ධන කටයුතු රැසක් ආරම්භ කර ඇති බව ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි. මේ සඳහා මිලියන හයසියයක මුදලක්ද අමාත්‍යාංශයට ලැබි ඇත.

2017 වසරේදි එම අමාත්‍යාංශටය සංවර්ධන කටයුතු සඳහා ලැබි තිබු‍ණේ රුපියල් මිලියන 250කි. ප්‍රගති සමා‍ලෝචන රැස්විමේදි අනාවරණය වු පරිදි එම අමාත්‍යාංශයේ ප්‍රධාන ආයතනය වන හදබිම අධිකාරිය හරහාද සංවර්ධන කටයුතු රැසක් සිදුවි තිබේ. ඒ අනුව දිස්ත්‍රික්ක අටක කෘෂිකර්මාන්තය ජල මුලාශ්‍ර හදුනාගෙන පළාත් ගණානාවක ජනතාවට ජලය ලබා දිම ජනාධිපතිවරයා විසින් යෝජනා කර දැනට ක්‍රියාත්මක වන හරිත ග්‍රාම වැඩ සටහන යටතේ බිජ වගාව සඳහා මුදල් ලබාදි එම ගොවියන්ගේ බිජ මිලට ලබා ගැනිම යටිතල පහසුකම් සැපයිම ඇතුළු කාර්යයන් රැසක් සිදු කර තිබේ.

මෙහිදි විශේෂයෙන් නැගෙනහිර පළාතේ කැඩි බිදි ගොස් තිබු මාර්ග සංවර්ධනය ගම්පහ දිස්ත්‍රික්කයේ අලුත්වැඩියා නොකරන ලද මාර්ග ගණනාවක් අලුත්වැඩියා කිරිම සිදු කර ඇත.

2018 වසරේදි මිට වඩා වැඩි සංවර්ධන කර්තව්‍යයක් ආරම්භ කර ඇත . ඒ සඳහාා රජයෙන් මිලියන 600ක මුදලක් වෙන්කර ඇතිබවද එම අමාත්‍යාංශ ලේකම් ඒ පි ජි කිත්සිරි මහතා පවසයි.

තවද හදුනාගත් ප්‍රදේශ ගණනාවක පුද්ගලයින්ගේ අලුත්වැඩියා නොකළ නිවාස අලුත්වැඩියා කිරිම පිණිස රුපියල් විසිදහස සහ තිස්දහස බැගින් ලබා දිමද මේ අතර මේ වසරේදි සිදු වෙමින් පවති.

ත්‍රිකුණාමලය ප්‍රදේශයේද මේ වන විට සංවර්ධන කටයුතු රැසක් සිදු වෙමින් පවති. ඒ අතර සංචාරකයන් හරහා මෙරටට විශාල ආදායමක් ලබා ගත හැකි වන පරිදි යොට් මරිනා ව්‍යාපෘතිය ඉදි කිරීම සිදු වෙයි මේ වන විට එහි ඉදිකිරිම් කටයුතු අවසන් වෙමින් පවති.

දෙහිඅත්තකන්ඩිය ප්‍රදේශයේ පොදු වෙළද පොළක් ඉදි කර දෙන ලෙස එම ප්‍රදේශවල ප්‍රාදේශිය ලේකම්ව්රු විසින් ඉල්ලිමක් කර තිබේ. මේ වන විට එම පොදු වෙළද පොළ ඉදිකිරිම් කටයුතුද ආරම්භ කර ඇති බවද අමාත්‍යවරයා පවසයි.

පෙරේදා පැවැති එම සාකච්ජාවට අමාත්‍යංශ ලේකම් කිත්සිරි මහතා සමග එම අමාත්‍යාංශයේ අතිරේක ලේකම් නෙවිල් පද්මසිරි මහතා සහ හදබිම අධිකාරියේ සභාපති ලලින්ද්‍ර නාගහතැන්න මහත්වරු ද සහභාගි වුහ.

සොබා සිසු නැන පවුර දිප ව්‍යාප්තව සිදු වෙයි.මෙම වැඩසටහන මගින් පාසල් අතරින් සියයට අනුපහක් එහි ප්‍රතිළුල ලබා ගෙන ඇත. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();