දේශයේ ආරක්ෂාව වෙනුවෙන් නිබදව ජෙරට එමින් සුරකිමු ලකඔර තේමාව වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඒ ආකාරයෙන්ම ඉෂ්ඨ කරමින් මේ ගුවන් තළය ජයගත් ලෝකයේ බොහෝ ්රටවල් අතරින් කැපි පෙනෙන තත්වයකට අපේ ගුවන් හමුදාව පැමිණියේ මිට බොහෝ කළකට පෙරය.
දශක තුනකට වැඩි කාලයක් මේ රටේ පැවැති දරුණු ත්‍රස්තවාදය හමුවේ නොබියව නොසැළෙමින් ගුවන් තලය පුරා සිය බලය තහවුරු කර ගනිමින් කිසිදු ආකාරයේ සතුරු බළවේගයකට මෙරටට ඇතුලු විමට ඉඩ නොදි සතුරු ඉලක්කයන් වෙත ප්‍රහාර එල්ල කරමින් රට ආරක්ෂා කිරිමේ දැවැන්ත මෙහෙයුමක යෙදි සිට අපේ සෙසු සහෝදර ආරක්ෂක අංශ සමග මෙරට ත්‍රස්තවාදයෙන් බේරාගෙන මෙරටට නිදහස උරුම කරගත් ශ්‍රි ලංකා ගුවන් හමුදාව සිය හැට හත් වැනි සැමරුම මහත් අභිමානයෙන් යුක්තව අද සමරනු ලබන වගයි.
ශ්‍රි ලාංකිය ලක් අඔර සුරැකිම තම වගකිම කර ගත් ශ්‍රි ලංකා ගුවන් හමුදාව මේ තාක් කාලයක් රට වෙනුවෙන් ඉටු කළ ඒ අභිමානවත් සේවාව ඉතාමත් ආඩම්බරයෙන් යුක්තව අද මෙසේ සිහිපත් කරනු ලබන්නේ වත්මන් ගුවන් හමුදාපති එයාර් මාෂල් කපිල ජයම්පති මහතා ඇතුලු ගුවන් රණවිරුවන් සැම සියලු කෙනකුම එකට එකතුවිමෙන් බව කිව යුතුය.
එද 1994 වර්ෂය වන විට මේ රට තුළ පැවැතියේ දරුණු යුදමය තත්ත්වයකි. සියලු ආරක්ෂක අංශ ඒ වන විට ත්‍රස්තවාදින්ගෙන් රට බේරා ගැනිමේ අති දැවැන්ත මෙහෙයුමක යෙදි සිටියහ. යුද්ධ හමුදාව ගොඩින් ප්‍රහාර එල්ල කරද්දි සතුරු කණ්ඩායම් වලට කිසිදු ආකාරයකින් රට තුළට ඇතුලු විමට ඉඩ නොදි නාවික හමුදාව රට වටා අති දැවැන්ත ආරක්ෂක වළල්ලක් දමා තිබුණි . ඒ අතර ගුවන් හමුදාව ගුවන් තලය පුරා සැරි සරමින් රට තුළත් රට වටාත් සිය අවධානය යොමු කරමින් සතුරු කණ්ඩායම් වෙත සිය අවධානය යොමු කරමින් ඔවුන්ට ප්‍රහාර එල්ල කරමින් සහෝදර හමුදාවන්ට තොරතුරු සපයමින් සුවිශේෂි මෙහෙයුමක යෙදි සිටියහ ඒ අතර ත්‍රස්තවාදින් ද රට තුළ උතුරේ සහ නැගෙනහිර භුමි ප්‍රදේශ අත්පත් කර ගැනිමේ මෙහෙයුමක යෙදි සිටි අතර ඔවුන්ද කුමන ආකාරයකින් හෝ ඔවුන්ගේ බලය තහවුරු කර ගැනිමට මෙහෙයුම් දියත් කරමින් සිටියහ.
ඒ 1994 වර්ෂයේ ඔක්තෝබර් මාසයේ දිනකි.. වේලාව පෙරවරු 10යට පමණ විය. එකවරම ගුවන් හමුදා හෙළිකොප්ටර් යානා උතුරු නැගෙනහිර අහස්තල ය පුරා එහා මෙහා යන්නට විය. නාවික හමුදා ප්‍රහාරක යානාද මහ මුහුද දෙබෑ කරමින් ලහිලහියේ එක් පෙදෙසකට යාත්‍රා කරන්නට විය. ඉතිහාසයේ මිටපෙර සිදු නොවු විශේෂ දෙයක් සිදු වන බව මාධ්‍යට දැන ගන්නට ගත වුයේ ඉතා සුළු වේලාවකි එනම් ත්‍රස්තවාදින් විසින් මෙරටට ගෙන එනු ලැබු විශාල ආයුධ නැවක් ගුවන් හමුදා සහ නාවික හමුදා බුද්ධි අංශ විසින් අනාවරණය කරගෙන තිබිමයි.. එම ආයුධ නැව මෙරටට ගෙන එනු ලැබු ආයුධ නැව් අතරින් ප්‍රථම නැව විය.
එම ආයුධ නැව විනාශ කිරිමේ මෙහෙයුම ගුවන්සහ නාවික හමුදා මගින් ආරම්භ කර පැය කිහිපයක් තුළ එම ආරක්ෂක අංශ ප්‍රහාරවලින් නැව ගිනි ගෙන පැය කිහිපයකින් මහ මුහුද මැද දි එම නැව සම්පුර්ණයෙන් ගිනිගෙන අවසන් විය. එම ඓතිහාසික සිද්ධිය අපේ යුද ඉතිහාසයේ රන් අකුරින් ලියවෙන්නේ එම ආයුධ තොගය මෙරටට ඇතුල්කර ගැනිමට ත්‍රස්තවාදින්ට හැකිවුයේ නම් ඒ වන විට රට තුළ තිබු යුද වාතාවරණය තුළින් අපේ ආරක්ෂක අංශවලට ඊට වඩා හානි සිදු විමට ඉඩ තිබුණි. මේ ආකාරයෙන් විටින් විට ත්‍රස්තවාදි ආයුධ නැව් ගණනාවක් විනාශ කර අවසන් මානුෂික මෙහෙයුම අවස්ථාවේ මෙරටට ඇතුල්කරගැනිමට ත්‍රස්තවාදින් විසින් ගෙනඑන ලද ආයුධ නැව් අටක් දින කිහිපයකින් විනාශ කිරිමට ගුවන්හමුදාවට හැකි විය.
මේ ආකාරයෙන් පසුගිය තිස් වසරක යුද ඉතිහාසයක් තුළ ගුවන් හමුදාව සියවික්‍රමයන් පෙන්වු අවස්ථා බොහෝය.
1990 වර්ෂයේදි ත්‍රස්තවාදින් උතුරේ ආරක්ෂක අංශවලට ආහාර ද්‍රව්‍ය ආයුධ ගෙන යැම වැළැක්විමේ අරමුණින් උතුරට යන ගුවන්යානා වලට ප්‍රහාර එල්ලකිරිම ආරම්භකර තිබුණි. ඒඅනුව එක් ගුවන්යානාවකට ප්‍රහාරයක් එල්ලකර එය කොටින්ගේ අඩවියකට කඩා වැටුණි. ත්‍රස්තවාදින් එසේ තවත් ගුවන්යානා බිම දැමිමට සැළසුම් කර තිබුණත් අපේ ගුවන් හමුදාව ඉන් සැළුනේ නැත. එවකට සිටි ගුවන් හමුදාපති එයාර් මාෂල් ඔලිවර් රණසිංහ මහතා ප්‍රකාශ කළේ කොටින්ගේ එම ප්‍රහාරයෙන් අප බියට පත්වන්නේ නැහැ අපේ ගුවන් ගමන් නවත්වන්නේ නැහැ තවත් එක් යානයක්වත් බිම දමන්න ඉඩ දෙන්නේ නැහැ. නොනවත්වාම ගුවන් ගමන් සිදුවෙනවා යන්නයි.
ඔලිවර් රණසිංහ ගුවන් හමුදාපතිවරයාගේ එම නිර්භිත වචන පෙළ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඉටුකරමින් තවත් වසර ගණනාවක් යන තෙක් ත්‍රස්තවාදින්ට ප්‍රහාර එල්ල කිරීමට නොහැකිවිය.
ගුවන් හමුදාව වසර තිහක යුද්ධයක් පැවැති කාලය තුළ කළ මෙහෙවරේ මේ ඉතා සුළු අවස්ථා කිහිපයකි. මිට වඩා බොහෝ සිහිපත් කළ යුතු විශ්මිත ජනක සිදුවිම් බොහෝ ඇත්තේය. ඒ අතර මානුෂිය මෙහෙයුම අවස්ථාවේදි කොටි අඩවියේ සිරවි සිට අපේ යුද හමුදාවේ මෙහෙයුම් කණ්ඩායමක් පනිවුඩ හුවමාරුවක් කර ගැනිමට පවා නොහැකිව සිටියදි ගුවන් හමුදාවේ දක්ෂ නිර්භිත ගුවන් නියමුවන් දෙදෙනකු සිය ජිවිතයේ සමිපතයන් පවා අමතක කර දමා ඉතා බියකරු මෙහෙයුමකට සමිබන්ධ වි එම හමුදා රණවිරු කණ්ඩායම ත්‍රස්තවාදින්ට හිතාගැනිමටවත් මොහොතකටවත් ඉඩනොතබා බේරාගත් ඒසුවිශේෂි වික්‍රමාන්විත මෙහෙයුම ගුවන් හමුදා ඉතිහාසයේතවත් ඓතිහාසික සිද්ධියක් විය. එක්දහස් නවසිය අනු හත වන විට ගුවන් මෙහෙයුම් සඳහා ගුවන් යානා පුය විසිදහසකට වඩා වැඩි ප්‍රමාණයක් පියාසර කර තිබුණි.
ඒ වන විට ගුවන් පැය විසි දෙදහසකට ආසන්න ගුවන්පැය ප්‍රමාණයක් සම්පුර්ණ කර තිබුණි. ජයසිකුරු මෙහෙයුම ශ්‍රි ලංකා ගුවන්හමුදාව වෙත පැවැරුණ භාරධුර කටයුත්තක් විය. එම මෙහෙයුමත් සමග ගුවන් හමුදාවේ ගුවන් යානා මගින් සිදු කළ මෙහෙයුම් ගණන වැඩි විය. එනම් කෆිර් මගින් මෙහෙයුම් දෙසිය තිස් දෙකක් හා එම් අයි විසි හතර හෙළිකොප්ටර් මගින් මෙහෙයුම් එකසිය විසි හතක් වශයෙන් සිදු කර තිබුණි.
එක්දහස් නවසිය පනස් එකේ මාර්තු මස දෙවැනි දින එක්සත් රාජධානියේ මහ රජ්ජුරුවන් විසින් රාජකිය ගුවන්හමුදාව රාජකිය ලංකා ගුවන්හමුදාව ලෙස නම් කිරිමට අවසර දෙනු ලැබිණි. ආරම්භයේ ලංකා ගුවන් හමුදාව සතුව කිසිදු ගුවන් යානයක් නොතිබුණි. පළමු විප්මන්ක් යානා හතර සහ පසුව ඔක්ස්පෝඩි හා බේලියල් ගුවන් යානා ළඟාවන තුරු මුලදි බඳවා ගන්නා ලද ආධුනික ගුවන් නියමුවන්හට දින චර්යාවට සරඹ ශාරිරික අභ්‍යාස කිරිමට සිදුවිය. අනතුරුව ගුවන් නියමුවන් පුහුණු කිරිමට ඔක්ස්ෆෝඩ් නැමැති ගුවන්යානා වර්ගය එක්දහස් නවසිය පනස් එකේදි ලංකාවට ගෙන එන ලදි.
මේ අතර ගුවන්හමුදා පනස්වන වසර සැමරිම වෙනුවෙන් දෙදෙහස් එක් වර්ෂයේදි රුපියලේ කාසියක් නිකුත්විය. එහිද ගුවන්යානා ලාංජනය සටහන් වි තිබුණි. ලංකා රජයේ ඉල්ලිම පරිදි එක්සත් රාජධානිය විසින් රාජකිය ගුවන් හමුදාවේ නිලධාරියකු වු ගෲප් කපිතාන් ජි සිබ්ලේඩන් මහතා ලංකා ගුවන්හමුදාව සංවිධානය කිරිම පිණිස නම් කර තිබුණි.
අප ගුවන් හමුදාව වර්තමානය වන විට භෞතික සම්පත්වලින් මෙන්ම මානව සම්පත්වලින්ද පරිපුර්ණ වි සිටියි. චිප්මන්ක් ගුවන් යානයෙන් ඇරඹි ගුවන් ගමන අද වන විට මිග් විසි හත කෆිර් , එෆ් -හත ආදි පෙට් යානා දක්වා දීර්ඝ ගමණක පැමිණ අභිමාණවත් සිය හැට හත්වන සමරනු ලබයි. හැට හත්වසරක අභිමාණවත් හමුදාවක් ලෙස ශ්‍රි ලංකා ගුවන්හමුදාව ලක්අඹර සුරකමින් තම කර්තව්‍යය නිසි ලෙස ඉටු කරනවා සේම තම මාතෟ භුමියට මුහුණ දිමට සිදුවු ස්වාභාවික විපත්වලදි ජනතාවගේ සුබ සාධන කටයුතු ඉටුකර දිම සඳහාද සුවිශේෂි දායකත්වයක් දක්වනු ලබයි.
සුනාමිය ගංවතුර නාය යාම් සහ වෙනත් විපත්වලදී මහජනතාව ඉන්මුදවා ගැනිම පිණිස ගුවන්නියමුවන් ඉතාමත් අභියෝගාත්මක අවස්ථාවන්ට මුහුණ දුන් අවස්ථා බොහෝය. ඒ කිසිවකින් වෙහෙසට හෝ අාපස්සට යාමට ඉඩක් නොතබන අපේ ගුවන් හමුදාව විදෙස් රටවල පවා ඉතාමත් අභියෝගාත්මක අවස්ථාවන්ට මුහුණ දි ජාත්‍යන්තර කිර්තියට පත්ව ඇත.
යුද්ධයෙන්පසු රටේ සංවර්ධන ක්‍රියාවලියට දායකත්වයක් ලබා දෙන ගුවන් හමුදාවේ ජාත්‍යන්තරය හා සම්බන්ධ වි සිදුකරනු ලබන සමුළු ආදියද මේ වන විට ජාත්‍යන්තර ගෞරවයට භාජනය වි ඇති බවද සිහිපත් කරන අතර සැම වසරකම ගුවන් හමුදා සංවත්සර සැමරුමේදි යම් සුවිශේෂි දෙයක් සිදු කරන ගුවන් හමුදාව මෙවර දින දෙකක සංවිධානාත්මක පාපැදි සවාරියක් පවත්වනු ලබයි. අද දෙවැනිදා ලේක් හවුස් වටරවුම අසලින් එම පාපැදි සවාරිය ආරම්භ කරනු ලබයි. ඊට අමතරව ශ්‍රි පාද ස්ථානය අවට ප්‍රදේශය පිරිසුදු කිරිමේ කර්තව්‍යක නිරත වි සිටිති. තවද මෙම අභිමානවත් සැමරුම වෙනුවෙන් දිවයිනේ සියළුම ගුවන්කඳවුරු මගින් ප්‍රජා සත්කාර වැඩසටහන් දියත්කර ඇත.
ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ ගෞරවය ආරක්ෂා කර ගනිමින් විනය සහ සැබැ හමුදා සෙබළකුසේ අභිමානත්වයෙන් ජිවත් වන අප ගුවන් හමුදාවට හැට හත්වැනි සැමරුම වෙනුවෙන් අප මාධ්‍යයේද සුබ පැතුම් එක් කරමු.
0 Comments