අඩු ආදායම් ලාභී පවුල්වල සාමාජකාවන් 15 දෙනෙකු සදහා මහන මැෂින් පරිත්‍යාග කිරීමේ උත්සවයක් අද යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථාන ශ‍්‍රවණාගාරයේදි පැවැත්විණි.
එ් යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශණ හෙට්ටිආරච්චිගේ සංකල්පයක් මතයි.
යුධ හමුදා 07 වන කාන්තා බලකායේ විසින් මෙම අවස්ථාව සංවිධානය කරන ලද අතර ඔමාන් ලංකා පුද්ගලික සමාගමේ අධ්‍යක්‍ෂක මොහන් ශංකර් සහ වදිනි ශංකර් මැතිණිය යන අයගේ සම්පත් දායකත්වයෙන් මෙම අවස්ථාව සිදුවිය.
මෙම අවස්ථාවට කැළණි විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය නන්දලාල් මාලගොඩ යන අය සහ යුද්ධ හමුදා නිලධාරින් ඇතුලු විශාල පිරිසක් මෙම අවස්ථාව සඳහා සහභාගි වූ බව සදහන්.

0 Comments