Ticker

6/recent/ticker-posts

Header Ads Widget

නියඟයෙන් පීඩාවට පත් අනුරපුර ගොවිපවුල්වලට යළි වියළි ආහාර සහන

අනුරාධපුර දිස්ත්‍රික්කයේ බලපවත්නා දැඩි නියඟයෙන් පීඩාවට පත්ව සිටින ගොවි ජනතාවට වියළි ආහාර සලාකය යළිත් ලබාදීමට අනුරාධපුර දිසාපතිවරයා පියවර ගෙන ඇත.

පෙබරවාරි අවසානය වන විට රුපියල් 5000ක් වටිනා වියළි ආහාර මල්ල ලබාදීම පිණිස රජය රුපියල් මිලියන 1142ක් වැය කර තිබේ. ප්‍රතිලාභි පවුල් සංඛ්‍යාව 141328ක් බව අනුරාධපුර දිසාපති ආර්.එම්.වන්නිනායක මහතා පැවසීය.

නියඟය නිසා පීඩාවට පත් වැඩිම පවුල් සංඛ්‍යාව වාර්තා වන්නේ ගලෙන්බිදුණුවැව ප්‍රාදේශීයලේකම් බල ප්‍රදේශයෙනි. පවුල් සංඛ්‍යාව 10984කි. තලාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 10888ක් ද තඹුත්තේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගොවි පවුල් 9186ක් ද නියගයෙන් අසරණව සිටිති.

ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ 22ක් අතරින් අඩුවෙන්ම නියං සහනාධාර ලබා දෙන්නේ පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට බවද පවුල් සංඛ්‍යාව 1329ක් බවද වන්නිනායක මහතා පැවසීය.

පසුගිය තුන්මසක පමණ කාලයේ ආහාර සලාකය බෙදාදීම සිදු කරන අතර මාර්තු මාසයේත් මෙම සහනය සලසාදීමට පියවර ගනී. ඒ සඳහා රුපියල් මිලියන 600ක් පමණ වැය වේ.

නිමල් විජේසිංහ අනුරාධපුර අතිරේක දිස්ත්‍රික් සමුහ

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();