ඇමෙරිකාව ඇතුළු රටවල් කිහිපයක් සිදු කරන සිය තානාපති නිලධාරීන් පලවා හැරීම මිත්‍රශීලි නොවන ප්‍රකෝපකාරී ක්‍රියාවක් බව රුසියාව ප්‍රකාශ කරයි. ඔවුන් එසේ ප්‍රකාශ කළේ ඇමෙරිකාව සහ යුරෝපයේ රටවල් කිහිපයක් සමග බෝල්ටික් රාජ්‍යයන් විසින් රුසියා තානාපති නිලධාරීන් පලවා හැරීමට කටයුතු කිරීමට පියවර ගැනීමත් සමගය.
මේ අතර උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් ගනු ලබන අවසන් පියවර පිළිබඳව ජනාධිපති ව්ලැද්මිර් පුටින් විසින් ඉක්මනින්ම ප්‍රකාශයක් නිකුත් කරනු ඇති බව ක්‍රෙම්ලින් ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොෆ් පවසයි.
ඇමෙරිකාවේ රුසියාවේ තානාපති අනකෝනි ඇන්ටනොව් පවසන්නේ ඉතිරිව තිබූ රුසියා - ඇමෙරිකා සබඳතා ද ඇමෙරිකාව විසින් විනාශ කරමින් සිටින බවයි.
බ්‍රිතාන්‍යයේ දී හිටපු කේ. ජී. බී ඔත්තුකරුවකුට සහ ඔහුගේ දියණියට එල්ල වූ විෂ රසායන ප්‍රහාරයට තමන් සම්බන්ධ නැති බව රුසියාව නැවත නැවතත් අවධාරණය කරයි. එය තමන් මත පටවමින් පක්ෂග්‍රාහි කුහක පිළිවෙතක් අනුගමනය කිරීම රුසියාවේ දෝෂ දර්ශනයට ලක් වී ඇත.
ජර්මනිය, ප්‍රංශය, යුක්රේනය ඇතුළු යුරෝපා රටවල් ගණනාවක් රුසියා රාජ්‍යතාන්ත්‍රිකයන් පිටුවහල් කිරීම පිළිබඳව නිවේදනය කර ඇත. රාජ්‍යතාන්ත්‍රිකයන් පිටුවහල් කිරීමට අමතරව සියැට්ල් නුවර පිහිටි කොන්සල් කාර්යාලය ද වසා දැමීමට එක්සත් ජනපදය තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
මේ අනුව පිටුවහල් කිරීමට නියමිත 60 දෙනා අතුරෙන් 48 දෙනකු වොෂින්ටනයේ රුසියා තානාපති කාර්යාලයේ සහ නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන් ගේ තානාපති කාර්යාලයේ සේවයේ නියුතු රුසියා රාජ්‍ය තාන්ත්‍රිකයෝය.

0 Comments