Ticker

6/recent/ticker-posts

Header Ads Widget

වෙඩි තැබීම, මෝටර් රථ, ජිම්නාස්ටික්, සම්මේලනවලට එරෙහි පරීක්ෂණ තුනක්

Author(s): 
ප්‍රින්ස් ගුණසේකර

ශ්‍රී ලංකා වෙඩි තැබීමේ ක්‍රීඩා සංගමයට, මෝටර් රථ ක්‍රීඩා සංගමයට හා ශ්‍රී ලංකා ජිම්නාස්ටික් සම්මේලනයට එරෙහිව පරීක්ෂණ තුනක් ක්‍රීඩා අමාත්‍යාංශය ආරම්භ කරයි. ශ්‍රී ලංකා වෙඩි තැබීමේ සංගමය ක්‍රීඩා උපකරණ තොගයක් ගෙන්වීම සම්බන්ධව, මෝටර් රථ ක්‍රීඩා සම්මේලනය සංවිධාන කළ තරගයකදී සිදුවූ අසාධාරණයක් සම්බන්ධව හා ශ්‍රී ලංකා ජිම්නාස්ටික් සම්මේලනය ගිණුම් වාර්තා ඉදිරිපත් නොකිරීම සම්බන්ධව පරීක්ෂණ ආරම්භ කොට ඇත.

මෙම ක්‍රීඩා සංගම් ක්‍රීඩා පනත හා අදාල ක්‍රීඩා සංගම් ව්‍යවස්ථා උල්ලංඝණය කරමින් කටයුතු කර ඇතැයි ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතාට පැමිණිලි ලැබී තිබුණි. ඒ අනුව ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට ක්‍රීඩා ඇමැතිවරයා නියෝග කොට ඇත්තේ මේ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් කොට කඩිනමින් වාර්තාවක් සපයන ලෙසය. එම ක්‍රීඩා සංගම් ප්‍රධානීන්ගෙන් මේ පිළිබඳ ලිඛිත හා වාචික සාක්ෂි ගොණුකර ගැනීමට පරීක්ෂණ මණ්ඩලයක් පත්කර ඇති අතර මේ දිනවල සාක්ෂි සටහන් කරමින් පවතින බව ක්‍රීඩා අමාත්‍යාංශ ප්‍රකාශකයකු පැවැසීය.

ශ්‍රී ලංකා වෙඩි තැබීමේ සංගමය ක්‍රීඩා උපකරණ තොගයක් ගෙන්වීමේදී ටෙන්ඩර් පටිපාටියෙන් තොරව කටයුතු කර ඇතැයි යන චෝදනාව ඉදිරිපත්ව තිබේ. වෙඩි තැබීමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවශ්‍ය තුවක්කු හා පතොරම් තොගයක් හිටපු නිළධාරියෙකුගේ පෞද්ගලික තීරණයක් අනුව ගෙන්වීමෙන් මූල්‍ය අලාභයක් සිදූවූ බව සංගමයේ වෙනත් නිළධාරියෙකු පැමිණිලි කොට තිබුණි. එමෙන්ම එලෙස ගෙන්වන ලද තුවක්කු හා පතොරම් තොගය නියම ප්‍රමිතියෙන් තොර බවටද පැමිණිලිකර තිබුණි.

මෝටර් රථ ක්‍රීඩා සංගමය කටුකුරුන්දේ සංවිධානය කළ මෝටර් ක්‍රොස් තරගයකදී ක්‍රීඩකයන් දෙදෙනකු එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරුදායක තත්ත්වය පිළිබද පැමිණිල්ලක් ක්‍රීඩකයෙකු විසින් ඉදිරිපත්කර තිබුණි. ගමන් මඟ අවහිර කිරීමෙන් ඇතිවූ අනතුරුදායක බව පැමිණිල්ලේ සදහන්ව ඇත. එමෙන්ම ක්‍රීඩා සමාජ ලියා පදිංචිය සම්බන්ධවද මෝටර් රථ ක්‍රීඩා සංගමයට තවත් පැමිණිල්ලක් යොමුව තිබේ. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();