Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ශ්‍රී ලාංකේය අභිමානය ඉහළට ඔසවා තබමින් නිදහස් කුසලාන තුන්කොන් විස්සයි20 තරගාවලිය ඇරැඹේ

Author(s): 
ෆවුස් මොහොමඩ්

මෙරට 70 වැනි නිදහස් සමරුවට සමගාමීව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන නිදහස් කුසලාන තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලිය අද (6) ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ කෙරේ. ශ්‍රි ලංකාව සමග ඉන්දියාව සහ බංග්ලාදේශය සහභාගි වන මේ තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ සියලුම තරග ආර්.ප්‍රේමදාස පිටියේදී රාත්‍රි තරග ලෙස පැවැත්වෙන අතර පස්වරු 7.00ට ආරම්භ කිරීමට නියමිතය.

මීට වසර 20කට පෙර ශ්‍රී ලංකාවේ 50 වැනි නිදහස් සමරුව නිමිත්තෙන් පළමු වරට පැවැති සිංගර් අකායි නිදහස් කුසලාන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියෙන් පසුව නිදහස් සමරුව නිමිත්තෙන් එවැනි තරගාවලියක් පැවැත්වෙන පළමු අවස්ථාව මෙය වේ. මේ අවස්ථා 2දීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ලෙස තිලංග සුමතිපාල මහතා කටයුතු කිරීම කැපී පෙනේ.

වසර 1998 දී පැවැති 50 වැනි නිදහස් සමරු තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකාව සමග ඉන්දියාව සහ නවසීලන්තය ක්‍රීඩා කළ අතර අවසන් මහා තරගයෙන් අර්ජුන රණතුංගගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා පිලට එරෙහිව ලකුණු 6ක ජයක් වාර්තා කරමින් මොහොමඩ් අසාරුදීන්ගේ නායකත්වය යටතේ ඉන්දීය පිල කුසලානය දිනාගත්තේය.

70 වැනි නිදහස් සමරුව නිමිත්තෙන් අද ආරම්භ වන හීරෝ නිදහස් කුසලාන තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලියට මේ කණ්ඩායම් සියල්ලම එක්වී සිටින්නේ නිත්‍ය නායකයන් නොමැතිවය. ශ්‍රී ලංකා විස්සයි20 පිලේ නායක ඇන්ජෙලෝ මැතිව්ස් සහ බංග්ලාදේශ පිලේ නායක ශකීබ් අල් හසන් ආබාධ හේතුවෙන් තරගාවලියට ක්‍රීඩා නොකරන අතර ඉන්දිය පිලේ නායක විරාත් කෝලි විවේකගැනීම නිසා තරගාවලියට සහභාගි නොවේ.

ශ්‍රී ලංකාවේ අන්‍යතාව විදහා දක්වන මේ තරගාවලිය මෙරට පැවැත්වෙන ජාත්‍යන්තර තලයේ අවධානය ඉහළින්ම දිනාගන්නා තුන්කොන් තරගාවලිය බවට පත්වී ඇති අතර කුසලානය දිනාගන්නා කණ්ඩායම අවසන් මොහොත දක්වාම අනුමාන කිරීමට නොහැකි තරම් කණ්ඩායම් 3ම දස්කම් අතර සිටී.

පසුගිය බංග්ලාදේශ සංචාරයේදී නැවත නැගී සිටීමට සමත්වූ ශ්‍රී ලංකා පිල මේ තරගාවලියට එක්වන්නේ ඉහළ මානසිකත්වයෙන් යුතුව බව ඊයේ පස්වරුවේ කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේ පැවැති නිදහස් කුසලාන තරගාවලියේ කුසලානය නිරාවරණය කිරීමේ මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා පිලේ නායක දිනේෂ් චන්දිමාල් ප්‍රකාශ කළේය. තරගයෙන් තරගය සැලසුම් කරමින් මෙරට 70 වැනි නිදහස් සමරුවට ක්‍රිකට් ක්ෂේත්‍රය තුළින් ස්වර්ණමය මතක සටහනක් එක් කිරීමට කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයන් මහත් උද්යෝගයෙන් යුතුව සිටින බව චන්දිමාල් කීවේය.

විශේෂයෙන් මෙරට ක්‍රීඩාලෝලින් හමුවේ ක්‍රීඩා කිරීමේ වාසිය සමග ජයග්‍රාහීව තරගාවලිය නිමා කිරීමට හැකිවනු ඇතැයි චන්දිමාල් විශ්වාසය පළ කළේය.

සිය ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් රැසක් නොමැතිව වුවත් මේ තරගාවලියේදී සෙසු කණ්ඩායම්වලට දැඩි අභියෝගයක් එල්ල කරමින් කුසලානය ජයගැනීම සිය කණ්ඩායමේ බලාපොරොත්තුව වී ඇතැයි මෙහිදී අදහස් දැක්වූ ඉන්දීය පිලේ නායක රෝහිත් ෂර්මා කියා සිටියේය.

සිය කණ්ඩායමේ සටන්කාමීත්වයෙන් පිරි ක්‍රීඩකයන් රැසක් සිටින බැවින් සෙසු කණ්ඩායම්වලට දැඩි අභියෝගයක් එල්ල කරමින් පෙරළිකාර දස්කම් දැක්වීම එකම අරමුණ බව මාධ්‍ය හමුවට එක්වූ බංග්ලාදේශ පිලේ නායක මහ්මුදුල්ලා පැවැසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල, ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා, ඉන්දීය පිලේ කලමනාකරු සුනිල් සුබ්‍රමනියම් සහ බංග්ලාදේශ පිලේ පුහුණුකරු කර්ට්නි වොල්ෂ් මහත්වරු ද මාධ්‍ය හමුවට එක්වී සිටියහ. 

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();