Ticker

6/recent/ticker-posts

Header Ads Widget

“A7 යි B2 යි C 1 යි…මේකව දොස්තර කෙනෙක් කරන්න පුළුවන් කියලා මාව තල්ලු කළා විද්‍යාව විෂයන් කරන්න,

2017 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ සවස නිකුත් කෙරුණා.
ප්‍රතිඵල නිකුත් වීමත් එක්ක විවිධ කතා අන්තර්ජාලය පුරා හුවමාරු වෙන්න පටන් ගත්තා.
සමහරු රසවින්දනාත්මක Post හැදුවා..
තවත් සමහරු විභාගය අසමත් අයගේ හිත හදන්න අපූරු සටහන් තැබුවා..
ඒ විදිහේ සටහනක් ගැන ඔබට කියන්න අපිත් හිතුවා..
කියවලම බලන්නකෝ මේ කතාව…

A7 යි B2 යි C 1 යි..
විද්‍යාවටයි ගණිතයටයි A තිබ්බා..
අම්මලා ගුරුවරු..
” මේකව දොස්තර කෙනෙක් කරන්න පුළුවන්” කියලා 
මාව තල්ලු කළා විද්‍යාව විෂයෙන් උසස් පෙළ කරන්න…

ඒත් මම වුණු දොස්තර කෙනෙක් නෑ බොල..
වුණේ සංගීතඥයෙක්..
යාළු වෙච්ච කෙල්ලන්ගේ අම්මලා වුණත්
ඒ හැටිනම් කැමැත්තක් නැතිවුණු Musician කිව්වම…

මට කරන්න තිබ්බේ සංගීතය.
එහෙනම් මේ නිිර්මාණ
නිල විදියටම මිනිස්සු අතරට යවන්නත් තිබ්බා නොවැ…

අද ප්‍රතිඵල ආපු උන්ටයි මේ කියෙව්වේ..
OL දින්නත් පැරදුනත් කවුරු මොනවා කිව්වත්
අනවශ්‍ය දේවල්වලට වෙලාව දෙන්න එපා..
උඹව ලෝකෙට එව්වේ එකම දේකටයි…
උඹේ පාර බැනුම් අහලාහරි කපා ගනින්…
ඒ පාරේ අන්තිමේදි..
උඹගේ තීරණය ගැන දුක් වෙච්ච ඈයොම
අත් පලාගෙන අත්පුඩි ගහාවි හිතුවටත් කළින්ම…



from Gossip Lanka News & Video https://ift.tt/2E14PRL
via internet

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();