Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පුංචි ඡන්දයේ සභික නම් ගැසට් කිරීම 9 දා

Author(s): 
රක්ෂණ ශ්‍රියන්ත
අනුර ප්‍රේමලාල්

පළාත් පාලන මැතිවරණයෙන් තේරීපත් වූ සභිකයන්ගේ නම් ලැයිස්තු ගැසට් කිරීම ලබන (09) සිදුකෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කරයි.

මේ නම් ලැයිස්තු ගැසට් කිරීම සඳහා ලැයිස්තුවලින් ඒ පක්ෂ සඳහා තේරීපත් වූ සභිකයන්ගේ හා එල්ලන සභික සංඛ්‍යාව මැතිවරණ කොමිෂන් සභාව ගණනය කොට මේ වන විට දිස්ත්‍රික්ක තේරීම්භාර නිලධාරීන් මගින් දේශපාලන පක්ෂ වෙත ලබාදීම සිදුකර තිබේ. ඉන් පසු දේශපාලන පක්ෂ විසින් තෝරා පත් කරන සභිකයන්ගේ නම් ලැයිස්තු දිස්ත්‍රික්ක තේරීම්භාර නිලධාරීන් වෙත ලබාදීම සඳහා අවසන් දිනය ඊයේ (02) දක්වා තීරණය කර තිබුණත් දේශපාලන පක්ෂ මැතිවරණ කොමිෂන් සභාවෙන් සිදුකළ ඉල්ලීමකට අනුව එම දිනය ලබන (07) දක්වා දීර්ඝ කිරීමෙන් පසු සභික නම් ලැයිස්තු ගැසට් කිරීම ලබන (09) සිදුවෙන අතර, එම දිනය යළි දීර්ඝ නොකෙරෙන බව සභාපතිවරයා පවසයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();