Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ජගත් කාන්තා දින ජාතික සැමරුම 8 දා ජනපති ප්‍රධානත්වයෙන්

Author(s): 
බුද්ධිකා ඉඹුලාන

ජාත්‍යන්තර කාන්තා දින ජාතික සැමරුම් උත්සවය මේ 8 දා පෙරවරුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරි‍සේන මහතාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුව කදුරුවෙල කෘෂි ආර්ථික මධ්‍යස්ථාන ඉදිකිරීම් භුමියේ දී පැවැත්වේ.

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශ සංවිධාන කරන මෙම උත්සවයට කාන්තාවන් 2500 පමණ සහභාගි වීමට නියමිතය.

එම ජාතික සැමරුම් උත්සවයේ දී , පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ලංකා පුර, මැදිරිගිරිය, දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි ගෘහ මූලික වූ අඩු ආදායම්ලාභී කාන්තාවන් 15දෙනකු සඳහා ස්වයං රැකියා ණය සහන පිරිනැමීම, වැලිකන්ද, තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි ගෘහ මූලික වූ අඩු ආදායම්ලාභී කාන්තාවන් 10දෙනකුට  ව්‍යවසායකත්ව පුහුණුව, වෘත්තීය සහ තාක්ෂණික පුහුණුව ලබා දීම, තාක්ෂණික සහ මුල්‍යමය ආධාර ලබා දීම, ගෘහමූලික කාන්තා නිෂ්පාදන සහ වෙළෙඳ කණ්ඩායම් සංවිධාන කිරීම සහ ජාලගත කිරීම සිදු කෙරේ.

මෙම උත්සවයේ විශේෂ ආරාධිතයන් ලෙස කාන්තා කටයුතු ඇමැතිනී චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය ඇතුළු දේශපාලන නියෝජිතයන් රැසක් සහභාගීවීමට නියමිතය.

ජාත්‍යන්තර කාන්තා දින සැමරුමට සමඟාමීව කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සහ කාන්තා කාර්යාංශය එක්ව කාන්තාවන් සවිබල ගැන්වීමේ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර තිබේ. අද (6) උදේ 9 සිට සවස 3 දක්වා අනුරාධපුර යොවුන් නිකේතන ශාලාවේ දී කාන්තාවන්ගේ නිෂ්පාදන අලෙවි පොළක් සහ කාන්තාවන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ද, හෙට (7) දා පොළොන්නරුව කදුරුවෙල කෘෂි ආර්ථික මධ්‍යස්ථාන ඉදිකිරීම් භුමියේ දී කාන්තා ව්‍යවසායකත්ව අලෙවි පොළක් සහ සුවනාරි සායනයක් ද පැවැත්වීමට කටයුතු යොදා ඇත. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();