සමස්ත ලංකා පාසල් ළමා මලල ක්‍රීඩා තරගාවලියේ ජාතික මට්ටමේ තරග වටය හෙට මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණයෙන් ආරම්භ වෙයි.
කුඩා අවධියේ සිට ළමයින්ට ක්‍රීඩා ක්‍රියාකාරකම් පිළිබඳව උනන්දුවක් ඇති කරවීමේ අරමුණින් යුතුව මේ ළමා මලල ක්‍රීඩා තරගාවලිය පැවැත්වෙන්නේ 3, 4 හා 5 ශ්‍රේණිවල සිසු සිසුවියන් සඳහාය. කණ්ඩායම් තරග ලෙස පවත්වනු ලබන මේ ඉසව්ව සංවිධානය කරන්නේ අධ්‍යාපන අමාත්‍යංශයයි. අනුග්‍රහය නෙස්ලේ ලංකා ආයතනයෙනි.
බෝගම්බරදී හෙට 3 ශ්‍රේණියේ අවසන් තරග පැවැත්වෙන අතර අනිද්දා 4 ශ්‍රේණියේ අවසන් තරග පැවැත්වෙයි. 5 ශ්‍රේණියේ ජාතික මට්ටමේ තරග මෙම 25 වැනිදා මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයේදී පැවැත්වීමට නියමිතය.
ළමා මලල ක්‍රීඩා තරගාවලිය 2015 වසරේදී පාසල් පද්ධතියට හඳුන්වා දුන් අවස්ථාවේදී ළමයින් 55,000ක් සහභාගි වූ අතර අද එය දෙලක්ෂය දක්වා ඉහළ ගොස් තිබේ.
2017 වසරේදී පාසල් තරගවලින් පසුව කොට්ඨාශ මට්ටමින් තරග 247ක්ද, කලාප මට්ටමෙන් තරග 74ක්ද, පළාත් මට්ටමෙන් තරග 7ක්ද පවත්වා ඇති අතර ඒ සඳහා සහභාගි වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සංඛ්‍යාව 175,000කි.
බෝගම්බරදී හෙට පැවැත්වෙන තරගාවලිය සඳහා දිවයිනේ සියළුම පළාත් නියෝජනය කරමින් 3 ශ්‍රේණියේ සිසු සිසුවියන් 1920ක් සහභාගි වනු ඇත. අනිද්දා 4 ශ්‍රේණියේ තරගාවලියට දුවා දරුවන් 2016 දෙනෙකු සහභාගි වීමට නියමිතය. බාලක බාලිකා හා මිශ්‍ර වශයෙන් අංශ තුනකින් තරග පැවැත්වේ.
0 Comments