ලෝකයේ ඕනෑම ස්ථානයක පිහිටි ඉලක්කයකට විදිය හැකි න්‍යෂ්ඨික ආයුධ තමන් සතුව තිබෙන බව රුසියාවේ ජනාධිපති ව්ලදිමීර් පූතින් පවසයි.
ජනපතිවරණයට පෙරාතුව ජාතිය අමතා අදහස් දක්වමින් ඒ බව කියා සිටි ජනාධිපතිවරයා, මිසයිල නාශක පද්ධතිවලට හසු නොවන ආකාරයේ නව න්‍යෂ්ඨික අවි රැගෙන යා හැකි මිසයිල දැන් රුසියාව සතු බවත් සඳහන් කළේය.
සබ්මැරීනවල සිට න්‍යෂ්ඨික ප්‍රහාර එල්ල කළ හැකි ආකාරයේ ද්‍රෝන යානා අත්හදා බලමින් සිටින බවත් ජනාධිපතිවරයා සිය දේශනයේදී හෙළි කළේය.
රුසියාව සතුව තිබෙන න්‍යෂ්ඨික ආයුධවලට වඩා බලගතු ආයුධ නිපදවීමට ප්‍රථම ඇමෙරිකා එක්සත් ජනපදයේ මිලිටරි වැඩසටහනට තමන් ප්‍රතිචාර දැක්විය යුතු බව රුසියානු ජනාධිපතිවරයාගේ ස්ථාවරය වී තිබේ.
(බී.බී.සිය ඇසුරෙනි)
0 Comments