Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රිච්මන්ඩ්-මහින්ද 113 වැනි ආදරවන්තයන්ගේ සටන 16-17 ගාල්ලේ දී

 ‘ආදරවන්තයන්ගේ සටන’ ලෙස ලොවක් හඳුනන ගාල්ල රිච්මන්ඩ්-මහින්ද විද්‍යාලාන්තර මහා ක්‍රිකට් තරගය 113 වැනි වරට මේ මස 16-17 දෙදින ගාල්ල අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙයි.

රිච්මන්ඩ් විද්‍යාලයීය කණ්ඩායම මෙවර මෙහෙයවනු ලබන්නේ ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ කණ්ඩායම නියෝජනය කරන ධනංජය ලක්ෂාන් විසිනි. රෙෂාන් කවිදුගේ නායකත්වයෙන් මහින්ද විදුහල තරගයට එක්වෙයි.

රිච්මන්ඩ්- මහින්ද වාර්ෂික මහා ක්‍රිකට් තරග ඉතිහාසය 1905 වසරේ සිට ඇරැඹෙන අතර මෙතෙක් පැවැති තරග අතුරින් ජයග්‍රහණ 23 බැගින් අත්කර ගනිමින් දෙපිලම කරට කර ජය අත්කරගෙන සිටී. ඉතිරි තරග විසඳුමකින් තොරව අවසන් ව ඇත. වර්ෂ දෙකකදී මෙම මහා තරගය පවත්වා නැත.අවසන් වරට මහින්ද විද්‍යාලය 2008 වසරේ දී මේ තරගය ජයගත් අතර රිච්මන්ඩ් විද්‍යාලය 2015 වසරේ සිය අවසන් ජය සටහන් කර තිබේ.

මෙවර අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලිය තුල අති ප්‍රබල කණ්ඩායම් 2 ක් ලෙස මේ කණ්ඩායම් දෙකම දිවයිනේ සියළු පාසල් වලට අභියෝගයක් වෙමින් තරග වැදී ඇති අතර රිච්මන්ඩ් විද්‍යාලය පාසල් ක්‍රිකට් තරගාවලියේ අවසන් පාසල් 16 අතරට තේරී පත් වු අතර මහින්ද විද්‍යාලය ඉන් ඉදිරියට යමින් මේ වන විටත් අවසන් පාසල් 8 අතරට ද තේරී පත් වූ අතර කොළඹ මහානාම පිල හමුවේ පළමු ඉනිම පරාජය වීමෙන් තරගාවලිවෙයන් ඉවත් විය.

මේ තරගයට ක්‍රීඩා කළ චම්පක රාමනායක, චමිල ගමගේ, සුරංග ලක්මාල්, ධනංජය ද සිල්වා, වනිදු හසරංග, චරිත් අසලංක ද, මහින්දයන් වෙනුවෙන් ඩී.එල්.එස්. ද සිල්වා, අතුල සමරසේකර, ජයනන්ද වර්ණවීර, උපුල් චන්දන, ලොකයේ බිහිසුනුම පන්දු යවන්නා සහ 20-20 ලෝක කුසලානය ශ්‍රී ලංකාවට දිනාදුන් නායකයා වන ලසිත් මාලිංග ද, රුමේෂ් බුද්ධික හා දෙනුවන් රාජකරුණා, තික්ෂිල ද සිල්වා වැනි ක්‍රීඩකයන් පාසල් දෙකෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් වලට දායාද කරන ලදී.

මහින්ද විද්‍යාලය මෙවර තරග වාරයේ අපරාජිත කණ්ඩායමක් ලෙසින් මේ වනවිට තරග 17ක දී පුර්ණ ජයග්‍රහණ 7ක් ලබා ඇත්තේ මාතර ශාන්ත තෝමස්, කොළඹ සහිරා, කුරුණෑගල මලියදේව, මහනුවර සාන්ත සිල්වෙස්තර්, කඳාන ද මැසනෝද්, කොළඹ ලුම්බිණි, පන්නිපිටිය ධර්මපාල යන විද්‍යාලයන්ට එරෙහිවය. පළමු ඉනිමේ ජයග්‍රහණ 7ක් ද මීට ඇතුළත් වෙයි.

කණ්ඩායම මෙහෙයවන රේෂාන් කාවින්ද මෙවර තරග වාරයේ අර්ධ ශතක 3ක් සමඟින් ලකුණු 365ක් ලබා ගෙන ඇත. උප නායක බිනුර දුල්සර ශතක 3ක් හා අර්ධ ශතක 3ක් සමඟින් ලකුණු 896 ලබා ගෙන ඇත. පසුගිය වසරේ ආදවන්තයන්ගේ සටනේ නායකයා වු හංසික වැලිහිද ශතකයක් සහ අර්ධ ශතක 5ක් සමඟින් ලකුණු 819 ලබා ගෙන ඇත. කණ්ඩායමේ තවත් ඉහල බලාපොරොත්තුවක් වන්නේ 15න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන නවෝද් පරණ විතානයි. ඔහු මෙවර තරග වාරයේ දී ශතක 3 ක් , අර්ධ ශතක 2 සමඟින් ලකුණු 823ක් රැස්කර තිබේ. මහින්දීය මැද පෙළ ශක්තිමත් කරන කවිදු එදිරිවීර ශතකයක් සහ අර්ධ ශතක 7ක් සමඟින් ලකුණු 781ක්, කෙවින් කොත්තුගොඩ (429) පිතිකරණයෙන් කණ්ඩායම ශක්තිමත්කරන අතර ඔහු පුරු ඉරියව්වකින් පන්දු යවයි. මෙවර 19 ශ්‍රීලංකා කණ්ඩායමේ ආරම්භක පන්දු යවන්නා වන නිපුන් මාලිංග සහ පසන් පෙතන්ගොඩ පන්දු යැවීමේ බල ඇණිය ශක්මත් කරති. මෙවර තරගාවලියේදී පසන් කඩුලු 67ක් ලබාගෙන ඇති අතර නිපුන් මාලිංග හා කේ.කේ. කෙවින් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විදේශ තරගාවලි සඳහා සහභාගී වීම හේතුවෙන් විද්‍යාලයීය තරග බෙහෝමයක් මඟ හැරී ඇත.

රිච්මන්ඩ් විද්‍යාලය මෙවර තරග වාරයේදී තර 15ක ක්‍රීඩා කර පූර්ණ ජයග්‍රහණ 6ක් අත්කර ගෙන ඇත්තේ කුරුණෑගල මලියදේව, මාතර සාන්ත තෝමස්, පන්නිපිටිය ධර්මපාල, මාතර සර්වේශස්, අම්බන්ගොඩ ධර්මාශෝක, කොළඹ වෙස්ලි විද්‍යාලයන්ට එරෙහිව වන අතර තරග 4ක පළමු ඉනිමේ ජයග්‍රහණ අත්කරගෙන සිටී. බම්බලපිටිය සාන්ත පීතර් විදුහල සමග තරගයෙන් පුර්ණ පරාජයක් ලබා ඇත.

රිච්මන්ඩ් කණ්ඩායමේ නායක ධනංජය ලක්ෂාන් මෙවර තරගාවලියේදී‍ ශතකයක්, අර්ධ ශතක 3ක් සමඟින් ලකුණු 407ක් ලබාගෙන ඇත. ශ්‍රී ලංකා අවුරුදු 19 පහළ කණ්ඩායමේ නායකයා වන කමිඳු මෙන්ඩිස් ද මෙවර රිච්මන්ඩ් විද්‍යාලයීය කණ්ඩායම වර්ණවත් කරන තවත් තරුවකි. ඔහු මෙවර තරග වාරයේදී ශතක 4ක් සමඟින් ලකුණු 597ක් ලබා ගෙන ඇත. මෙවර තරග වාරයේ රිච්මන්ඩ් විද්‍යාලයීය කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වන්නේ අදිත්‍ය සිරිවර්ධනය. ඔහු ලකුණු 684ක් ලබා ගෙන ඇත්තේ අර්ධ ශතක 5ක් සමඟිනි. අවිදු තීක්ෂණ තුන් ඉරියව් දස්කම් දක්වමින් කඩුලු 41ක් බිඳ දමමින් ලකුණු 384ක් රැස්කර තිබේ.

ශ්‍රී ලංකා අවුරුදු 19 පහල කණ්ඩායම නියෝජනය කිරීම නිසා ධනංජය ලක්ෂාන් සහ කමිදු මෙන්ඩිස් හට මෙවර විද්‍යලයීය තරඟ බෙහෝමයක් මඟහැරී ඇත.

රිච්මන්ඩ් විදුහල් කණ්ඩායම : ධනංජය ලක්ෂාන් (නායක), අවිදු තීක්ෂණ (උප නායක), කමිඳු මෙන්ඩිස්, තවීෂ අභිෂේක්, ආදිත්‍ය සිරිවර්ධන, දුවීන් සසිදු, සඳුන් මෙන්ඩිස්, දිලුම් සුදීර, විමුත් සප්නක, විශ්මිත විජේසිරි, අනුක්ෂි ද සිල්වා, සුගීත් නිම්නාද, අකාශ් කාවින්ද, චමත් දිල්සර, විනුජ කිරිඇල්ල

මහින්ද විදුහල් කණ්ඩායම : රේෂාන් කවිදු (නායක), බිනුර දුල්සර (උප නායක), හන්සික වැලිහිද, නවෝද් පරණවිතාන, අශේන් කණ්ඩම්බි, කවිදු එදිරිවීර, නිපුන් මාලිංග, පසන් පෙතංගොඩ, කේ.කේ.කෙවින්, ප්‍රමිත් තෙවරප්පෙරුම, කලිදු එදිරිසිංහ, සුභාණු රාජපක්ෂ, ළහිරු භාෂණ, අසේල ප්‍රියදර්ශණ, අශේන් චාමික

සටහන හා ඡායාරූප
ලංකින්ද නානායක්කාර ඉමදුව සමූහ

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();