මොරටුව වේල්ස් කුමර විදුහල සහ සාන්ත සෙබස්තියන් විදුහල අතර පැවැති 68 වැනි මොරටු රන් සටන ජය පරාජයෙන් තොරව නිමාවට පත්විය.
මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගය ජය පරාජයෙන් තොරව නිමාවූ 59 වැනි අවස්ථාව ලෙස පාසල් ක්‍රිකට් තරග ඉතිහාසයට එක්විය.
තරගයේ පළමු දිනයේ සාන්ත සෙබස්තියන් පළමු ඉනිම ලකුණු 159කට සීමාකළ වේල්ස් කුමර ක්‍රීඩකයෝ දිනය නිමාවනවිට කඩුලු 3ක් දැවී ලකුණු 76ක් ලබාසිටි අතර දෙවැනි දිනයේ දී පළමු ඉනිම අත්හිටවූයේ කඩුලු 7කට ලකුණු 227ක් රැස්කරමිනි. ලකුණු 68ක් පසුපසින් දෙවැනි ඉනිම ඇරැඹු සාන්ත සෙබස්තියන් පිල තරගය නතර කරනවිට කඩුලු 6ක් දැවී රැස්කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 152කි.
වේල්ස් කුමර ඉනිමේදී අවිඳු ප්‍රනාන්දු හා සනෝජ් දර්ශික අර්ධ ශතක රැස්කිරීමට සමත් වූහ. විශිෂ්ට ඉනිමක් දියත්කළ දර්ශික, දේවක පීරිස් (40) සමග එක්ව 8 වැනි කඩුල්ලට ලකුණු 94ක සබඳතාවක් ගොඩනැගීම කැපී පෙනුණි.
සා.සෙබස්තියන් දෙවැනි ඉනිමේදී නුවනිදු ප්‍රනානදු ලකුණු 82ක් රැස්කිරීමට සමත් වූ අතර සෙබස්තියන් පළමු ඉනිම බිඳ දැමූ කෞමාල් නානායක්කාර දෙවැනි ඉනිමේදී කඩුලු 2ක් දවා ගැනීමට සමත් විය.
වේල්ස් කුමර විදුහලේ අවිඳු ප්‍රනාන්දු තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබූ අතර හොඳම පිතිකරු ලෙසද සම්මානයට පාත්‍ර විය. හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙස නුවනිඳු ප්‍රනාන්දු (සා.සෙබස්තියන්), කෞමාල් නානායක්කාර (වේල්ස් කුමර) හොඳම පන්දු යවන්නා ලෙසද සම්මාන දිනා ගත්හ.
සා.සෙබස්තියන් පළමු ඉනිම - 159යි. (ඕවර 50.1) ජනිෂ්ක පෙරේරා 32 (කෞමාල් නානායක්කාර 45/6, සවිඳු පීරිස් 49/4) සහ දෙවැනි ඉනිම - 152/6යි. (ඕවර 68.5) නුවනිඳු ප්‍රනාන්දු 82, තරූෂ ප්‍රනාන්දු 32 (කෞමාල් නානායක්කාර 49/2)
වේල්ස් කුමර පළමු ඉනිම - 227/7යි. (ඕවර 79) සනෝජ් දර්ශික නොදැවී 59, අවිඳු ප්‍රනාන්දු 56, දේවක පීරිස් නොදැවී 40 (ටෂික් පෙරේරා 33/2, ප්‍රවීන් ජයවික්‍රම 61/2)

0 Comments