ශ්‍රී ලංකාව හා ඉන්දියාවේ ද සහභාගිත්වයෙන් එළැඹෙන මාර්තුවේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ‘නිදහස් කුසලාන‘ තුන්කොන් ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගි වන බංග්ලාදේශ කණ්ඩායමේ නායකත්වයට ෂකිබ් අල් හසන් නම් කර තිබේ.
කෙසේ වෙතත් ෂකිබ් තවමත් ඇඟිල්ලේ ආබාධයකින් පෙලෙන බැවින්, ඔහු තරගාවලියේ ආරම්භක තරග දෙකට ක්‍රීඩා නොකරණ බවට බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයේ වෛද්‍ය අංශය අවධාරණය කර තිබේ.
විස්සයි20 තරග බිමෙන් විශ්‍රාම ගෙන සිටින බංග්ලාදේශ එක්දින ක්‍රිකට් නායක මෂ්රෆි මොටාසා නැවත විස්සයි20 ක්‍රීඩාවට පිවිසීම ප්‍රතික්ෂේප කිරීම හා ෂකිබ්ගේ ක්‍රීඩාවේ අවිනිශ්චිතභාවය හේතුවෙන් කණ්ඩායම නම් කිරීම පමා විය.
මේ අතර බංග්ලාදේශ කණ්ඩායමේ වර්තමාන පන්දු යැවීමේ පුහුණුකරු කර්ට්නි වොල්ෂ් මේ තරගාවලියේදී කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරනු ඇත.
‘නිදහස් කුසලාන‘ තරගාවලිය සඳහා වන බංග්ලාදේශ සංචිතය මෙසේය.
ෂකිබ් අල් හසන් (නායක), මහ්මුදුල්ලා, ටමිම් ඉක්බාල්, සොවුම්යා සර්කාර්, මුෂ්ෆිකුර් රහිම්, සබිර් රහ්මාන්, මුස්ටෆිසුරු රහ්මාන්, රුබල් හුසේන්, අබු ජයීඩ්, ටස්කින් අහමඩ්, ඉම්රුල් කයීස්, නුරුල් හසන්, මෙහෙදි හසන්, අරිෆුල් හක්, නස්මුල් ඉස්ලාම්, අබු හයිදර් රොනි.
0 Comments