ශ්‍රී ලංකා වෘත්තීය ක්‍රීඩා මාධ්‍යවේදින්ගේ සංගමය විසින් පවත්වා ගෙන යනු ලබන සුබසාධක අරමුදල සඳහා රුපියල් මිලියනයක ආධාර මුදලක් ක්‍රීඩා අරමුදලෙන් ලබාදීමට ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා කටයුතු කළේය. අභිනවයෙන් පිහිටුවා ගන්නා ලද ශ්‍රී ලංකා වෘත්තීය ක්‍රීඩා මාධ්‍යවේදින්ගේ සංගමයේ සුබසාධන වැඩසටහන් යටතේ ප්‍රධානතම අංගයක් ලෙස රක්ෂණ ආවරණ ක්‍රමයක් මගින් සාමාජිකයන් වෙනුවෙන් විශ්‍රාම වැටුප් ක්‍රමයක් සහ ජීවිත රක්ෂණයක් ක්‍රියාවට නැංවීමට සැලසුම් කර ඇත.
ඒ අනුව උක්ත අරමුදලට අනුග්‍රාහකත්ව ලබාගැනීමේ කාර්යයෙහි පළමු පියවර ලෙස ක්‍රීඩා අරමුදලෙන් දායකත්වයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා කටයුතු කිරීම අගය කළ යුතු කරුණකි.
අදාළ චෙක්පත අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අතින් ක්‍රීඩා මාධ්‍යවේදීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් සිරිනාම රාජපක්ෂ මහතා වෙත පිරිනැමීම පසුගියදා ක්‍රීඩා අමාත්‍යාංශයේදි සිදුකෙරිණි. මේ අවස්ථාවට ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් ජයන්ත විජේරත්න, මාධ්‍ය නිලධාරී ළහිරු සමරසිංහ සමග ක්‍රීඩා මාධ්‍යවේදින්ගේ සංගමයේ හසිත අකලංක (අයි.ටී.එන්.), පැතුම් විජේරත්න (අද), කේ.රාමක්‍රිෂ්ණන් (සිලෝන් ටුඩේ) සහ නෙවිල් ඇන්තනී (වීරකේසරී) මහත්වරු ද එක්වූහ.

0 Comments