Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කුසල් මෙන්ඩිස් ප්‍රභාත් ජයසූරිය පෙරමුණේ

Author(s): 
නිරෝෂාන් ප්‍රියංකර

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන අන්තර් ක්‍රීඩා සමාජ විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ තෙවැනි දිනය නිමාවනවිට පිතිකරුවන් අතර පෙරමුණ ගැනීමට සී.සී.සී. ක්‍රීඩා සමාජයේ කුසල් මෙන්ඩිස් සමත්ව ඇති අතර කෝල්ට්ස් ක්‍රීඩා සමාජයේ ප්‍රභාත් ජයසූරිය පන්දු යවන්නන් අතර ඉදිරියෙන් පසුවෙයි.

තරග 3කට සහභාගිවූ කුසල් මෙන්ඩිස් අර්ධ ශතක 2ක් සමගින් ලකුණු 156ක් රැස්කරගෙන ඇති අතර එම කණ්ඩායමේ ඩිල්ෂාන් මුණවීර ලකුණු 144ක් රැස්කර ගනිමින් දෙවැනි ස්ථානයේද, සැරසන්ස් කණ්ඩායමේ රවිඳු ගුණසේකර (134) තෙවැනි ස්ථානයේද පසුවෙයි.

තරග 3කට සහභාගිවෙමින් කඩුලු 10ක් බිඳ හෙලීමට ප්‍රභාත් ජයසූරිය සමත්ව ඇති අතර සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග එන්.සී.සී. පිල නියෝජනය කරමින් කඩුලු 8ක් දවාගෙන දෙවැනි ස්ථානයේ පසුවෙයි. යුද හමුදාවේ සීකුගේ ප්‍රසන්න (7) තෙවැනි ස්ථානය හිමිකරගෙන සිටී.

එස්.එස්.සී ක්‍රීඩා සමාජයේ තිසර පෙරේරා නාවික හමුදාවට එරෙහිව පන්දු 30කදී හතරේ පහර 3ක් හා හයේ පහර 10ක් සමගින් රැස්කළ ලකුණු 84 තරගාවලියේ ඉහළම ඉනිම ලෙස සටහන් වන අතර කළුතර පිලේ එරංග රත්නායක ඕවර 4කදී ලකුණු 20කට කඩුලු 5ක් දවාගැනීම ඉනිමක හොඳම පන්දු යැවීම ලෙස සටහන් වෙයි.

කාණ්ඩ 4ක් යටතේ කණ්ඩායම් 23ක් තරගවදින මේ තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයෙන් පෙරමුණ ගැනීමට යුද හමුදාව සමත්ව ඇත්තේ තරග 2ක් ජයගනිමිනි. කෝල්ට්ස් ක්‍රීඩා සමාජය ‘බී’ කාණ්ඩයෙන්ද, ‘සී’ කාණ්ඩයෙන් එන්.සී.සී. ක්‍රීඩා සමාජය හා බදුරලිය ක්‍රීඩා සමාජය ‘ඩී’ කාණ්ඩයෙන් පෙරමුණේ පසුවන්නේ සහභාගිවූ තරග තුනම ජයගනිමිනි.

සී.සී.සී., ද්‍රවිඩ සංගම්, හලාවත හා මුවර්ස් කණ්ඩායම් පිළිවෙළින් එම කාණ්ඩයන්ගේ දෙවැනි ස්ථානයේ පසුවෙයි.

මෙතෙක් පැවැති තරග අතුරින් හලාවත මේරියන්ස්-බී.ආර්.සී, වරාය-ලන්කන් තරග විසඳුමකින් තොරව නිමාවට පත්වූ අතර යුද හමුදාව - සී.සී.සී සහ ද්‍රවිඩ සංගම් - ගාල්ල අතර තරග ලකුණු සම වීමෙන් නිමාවට පත්වී තිබේ.

තරගාවලියේ මූලික වටයේදී තරග 5ක් පැවැත්වෙන අතර ප්‍රසාද ලකුණු සටහනේ පළමු හා දෙවැනි ස්ථාන වල පසුවන කණ්ඩායම් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි. අද තරගාවලියේ සිවුවැනි දිනයේ අතරග පැවැත්වෙන අතර හෙට (2) තරගවලින් මූලික වටය නිමාවට පත්වෙයි.

මේ 4 වැනිදා අර්ධ අවසන් පූර්ව තරගත්, 6 වැනිදා අවසන් පූර්ව තරගත් පැවැත්වෙන අතර අවසන් මහා තරගය 7 වැනිදා පී.සරා ඕවල් පිටියේදී පැවැත්වීමට නියමිතය.

සිවුවැනි දිනයට අදාළව අද පැවැත්වෙන තරග

බ්ලූම්ෆීල්ඩ් - මීගමුව,

යුද හමුදාව - සැරසන්ස් (සී.සී.සී.)

සී.සී.සී. - පානදුර,

ද්‍රවිඩ සංගම් - වරාය (කටුනායක)

කෝල්ට්ස් - ලන්කන්,

ගාල්ල - ගුවන් හමුදාව (බී.ආර්.සී.)

හලාවත - කළුතර නාගරික,

එන්.සී.සී. - රාගම (බ්ලූම්ෆීල්ඩ්)

බී.ආර්.සී. - පොලිසිය,

මුවර්ස් - නාවික හමුදාව (එන්.සී.සී.)

එස්.එස්.සී. - කුරුණෑගල යූත් (පොලිස් පිටිය)

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();