Ticker

6/recent/ticker-posts

Header Ads Widget

වේල්ස් කුමරය දැවැන්ත ජයකින් අර්ධ අවසන් පූර්ව වටයට

Author(s): 
නිරෝෂාන් ප්‍රියංකර

විශ්ව චතුරංගගේ විශිෂ්ට පිති හරඹයත් සවිඳු පීරිස්ගේ දක්ෂ පන්දු යැවීමත් හේතුවෙන් අන්තර් පාසල් අවුරුදු 19න් පහළ පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ ඩී.එස්.සේනානායක විදුහලට එරෙහිව ලකුණු 228ක දැවැන්ත ජයක් සමගින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට මොරටුව වේල්ස් කුමර විදුහල සමත් විය.

වේල්ස් කුමර විදුහල් පිටියේ පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් සත්කාරකයෝ පළමු ඉනිමට ලකුණු 342ක් රැස්කළ අතර පිළිතුරු ලෙස ඩී.එස්. පිලට පළමු ඉනිමේදී සියල්ලන් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 89ක් පමණි. කඩුලු 6කට ලකුණු 134ක් ලබාසිටියදී වේල්ස් කුමර පිල සිය දෙවැනි ඉනිම අත්හිටවූයේ ඩී.එස්.පිලට ලකුණු 388 ඉලක්කයක් ලබාදෙමිනි. එම ඉලක්කය හඹාගිය ඩී.එස්. පිලට ලබාගත හැකිවූයේ ලකුණු 159ක් පමණි.

වේල්ස් කුමර පළමු ඉනිමට ශතකයක් එක්කළ විශ්ව චතුරංග (100) දෙවැනි ඉනිමේදී ලකුණු 62ක් රැස් කළේය. ඩී.එස්.පළමු ඉනිමේදී කඩුලු 6ක් ලකුණු 18ක් තුළ දවාගත් සවිඳු පීරිස් දෙවැනි ඉනිමේදී ලකුණු 58කට කඩුලු 7ක් බිඳ දැමීය. අනගි සහයක් ලබාදුන් කවුමාල් නානායක්කාර ඉනිම දෙකේදී කඩුලු 3 බැගින් දවාලීය.

වේල්ස් කුමර දෙවැනි ඉනිමේ බිඳ වැටුණු කඩුලු 6 ම මුදිත ලක්ෂාන්ගේ නම ඉදිරියේ සටහන් විය.

මේ අතර මහනුවර ත්‍රිත්ව විදුහල ගාල්ල සාන්ත ඇලෝසියස් විදුහලට එරෙහිව කඩුලු 9ක ජයක් හිමිකර ගනිමින් අර්ධ අවසන් පූර්ව වටයට පිවිසි අතර කොළඹ සාන්ත ජෝශප්, මොරටුව සාන්ත සෙබස්තියන්, ගාල්ල මහින්ද, කොළඹ ආනන්ද, නාලන්දා හා මහානාම විදුහල් කණ්ඩායම් පළමු ඉනිමේ ජයග්‍රහණ සමගින් අර්ධ අවසන් පූර්ණ වටයේ ඉඩ වෙන්කර ගත්තේය.

ත්‍රිත්ව-ඇලෝසියස් තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඇලෝසියස් පිල ලකුණු 130කට සීමාකළ ත්‍රිත්ව විදුහල පළමු ඉනිමට ලකුණු 158ක් රැස් කළේය. දෙවැනි ඉනිමට කඩුලු 5ක් දැවී ලකුණු 227ක් ලබාසිටියදී ඉනිම අත්හිටවූ ඇලෝසියස් ක්‍රීඩකයෝ ලබාදුන් ලකුණු 200ක ඉලක්කය එක් කඩුල්ලක් දැවී තිබියදී සපුරා ගැනීමට ත්‍රිත්ව විදුහලට හැකිවිය.

මෙහිදී පුබුදු බණ්ඩාර ත්‍රිත්ව විදුහල වෙනුවෙන් ලකුණු 127ක්ද, ඇලෝසියස් ඉනිමට රවිඳු සංජන ලකුණු 102ක්ද එක් කළහ.

මේ තරගවලදී මාරිස්ටෙලා විදුහලේ ලසිත් කෘස්පුල්ලේ සාන්ත සෙබස්තියන් විදුහලට එරෙහිව කැපී පෙනෙන ඉනිමක් දියත් කරමින් ලකුණු 154ක් රැස්කළ අතර සාන්ත ජෝශප් විදුහලේ දුලිප් වෙල්ලාලගේ රිච්මන්ඩ් පිලට එරෙහිව ලකුණු 137ක් වාර්තා කළේය.

නාලන්දා විදුහලේ ලක්ෂිත රසාංජන (67/6), සා.සෙබස්තියන් පිලේ ප්‍රවීන් ජයවික්‍රම (64/5) හා රිච්මන්ඩ් විදුහලේ කමිඳු මෙන්ඩිස් (87/5) පන්දුවෙන් දස්කම් දැක්වූහ.

වේල්ස් කුමරයට ලකුණු 228ක ජයක්

වේල්ස් කුමර පළමු ඉනිම - 342 (ඕවර 72.2) විශ්ව චතුරංග 100, දේවක පීරිස් 47 (සචින් හෙට්ටිගේ 90/3, දුෂාන් පෙරේරා 31/2, මෙතුෂාන් තිලිණ 57/2, මුදිත ලක්ෂාන් 62/2) සහ දෙවැනි ඉනිම - 134/6 (ඕවර 21.2) විශ්ව චතුරංග 62 (මුදිත ලක්ෂාන් 29/6)

ඩී.එස්.පළමු ඉනිම - 89 (ඕවර 28.5) (සවිඳු පීරිස් 18/6, කවුමාල් නානායක්කාර 40/3) සහ දෙවැනි ඉනිම - 159 (ඕවර 35.3) පසිඳු ආදිත්‍ය 40 (සවිඳු පීරිස් 58/7, කවුමාල් නානායක්කාර 74/3)

ත්‍රිත්ව කඩුලු 9කින් දිනයි

සා.ඇලෝසියස් පළමු ඉනිම - 130 (ඕවර 47) අශේන් බණ්ඩාර 49 (වී.නෙතුමාල් 43/4, එච්.බෝයගොඩ 24/3, ආර්.පීරිස් 18/2) සහ දෙවැනි ඉනිම - 227/5(ඕවර 33.4) රවිඳු සංජන 102, සන්දීප චමෝද් 52 (ආර්.පීරිස් 38/2)

ත්‍රිත්ව පළමු ඉනිම - 158 (ඕවර 50.1) එච්.ජයසූරිය 37 (කවික ඩිල්ෂාන් 52/5, හරීන් බුද්ධිල 32/2) සහ දෙවැනි ඉනිම - 203/1 (ඕවර 46.4) පුබුදු බණ්ඩාර නොදැවී 127, එච්.ජයසූරිය 47

මහානාම-තර්ස්ටන්

මහානාම පළමු ඉනිම - 148 (ඕවර 58.4) හේෂාන් නෙලික 40 (සවන් ප්‍රභාෂ් 16/3, නිපුන් ලක්ෂාන් 47/3, යෙශාන් වික්‍රමාරච්චි 4/2) සහ දෙවැනි ඉනිම - 137 (ඕවර 73.2) (සඳරු ඩයස් 26/3, අයේෂ් හර්ෂණ 50/3)

තර්ස්ටන් පළමු ඉනිම - 73 (ඕවර 22.3) (හේෂාන් නෙලික 21/4, පැතුම් බොතේජු 24/2, පියුමාල් සංදීප 25/2) සහ දෙවැනි ඉනිම - 156/6 (ඕවර 20.1) යෙශාන් වික්‍රමාරච්චි නොදැවී 95 (හේෂාන් නෙලික 78/2)

ගුරුකුල-මහින්ද

ගුරුකුල පළමු ඉනිම - 229 (ඕවර 78.4) පැතුම් මහේෂ් 58, ලසිඳු අරෝෂ් 56 (පසන් පෙතන්ගොඩ 98/5)

මහින්ද පළමු ඉනිම - 265/8 (ඕවර 78.3) කවිවදු එදිරිවීර නොදැවී 66 (නුවන් චානක 51/3, පෘතුවි රූසර 57/3)

රිච්මන්ඩ්-සා.ජෝශප්

රිච්මන්ඩ් පළමු ඉනිම - 216 (ඕවර 65.3) තවීෂ අභිෂේක් 78 (දුනෙත් වෙල්ලාලගේ 65/4, මිරංග වික්‍රමගේ 28/3, අෂේන් ඩැනියෙල් 48/2) සහ දෙවැනි ඉනිම - 165/4 (ඕවර 44) ධනංජය ලක්ෂාන් 88 (දුනෙත් වෙල්ලාලගේ 33/3)

සා.ජෝශප් පළමු ඉනිම - 401 (81.2) දුලිප් වෙල්ලාලගේ 137, ෂෙවාන් රසූල් 78, ජෙහාන් ඩැනියෙල් 47 (කමිඳු මෙන්ඩිස් 87/5, අවිඳු තීක්ෂණ 66/2)

නාලන්දාවට පළමු ඉනිමේ ජය

සා.තෝමස් පළමු ඉනිම - 254/9 (ඕවර 82.2) සිතාර හපුහින්න 76, මනීෂ රූපසිංහ 51 (ලක්ෂිත රසාංජන 67/6, රෙවාන් ද සිල්වා 43/2)

නාලන්දා පළමු ඉනිම - 262/8 (ඕවර 90) චමිඳු විජේසිංහ 79, රවීන් ද සිල්වා නොදැවී 63 (තෙවින ඊරියගම 35/2, ඩෙලන් පීරිස් 58/2, කලන පෙරේරා 60/2)

සා.සෙබස්තියන් පළමු ඉනිම දිනයි

මාරිස්ටෙලා පළමු ඉනිම - 201 (ඕවර 51.2) මනීෂ සිල්වා 48 (ප්‍රවීන් ජයවික්‍රම 64/5, ප්‍රවීන් කුරේ 41/3) සහ දෙවැනි ඉනිම - 256/2 (ඕවර 59) ලසිත් කෘස්පුල්ලේ නොදැවී 154, කෙවින් පෙරේරා නොදැවී 67

සා.සෙබස්තියන් පළමු ඉනිම - 347 (ඕවර 95.1) නිෂිත අභිලාෂ් 92, නුවනිඳු ප්‍රනාන්දු 79, (ලසිත් කෘස්පුල්ලේ 39/3, රවිඳු ප්‍රනාන්දු 118/3)

ආනන්දයට පළමු ඉනිමේ ජය

සා.පීතර පළමු ඉනිම - 128 (ඕවර 44.1) (දිනෙත් නිශ්ශංක 34/4, අසේල් සිගේරා 14/3, ගිහාන් විශ්වජිත් 2/2) සහ දෙවැනි ඉනිම - 166/4 (ඕවර 56) සුලක්ෂණ ප්‍රනාන්දු 69

ආනන්ද පළමු ඉනිම - 213 (ඕවර 70.5) කනිෂ්ක රන්තිලකගේ 51 (සන්තුෂ් ගුණතිලක 43/3, මොහොමඩ් අමීන් 81/3, සචින් සිල්වා 37/2) 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();