Ticker

6/recent/ticker-posts

Header Ads Widget

උතුර සහ දකුණ අද සාකච්ජාවකට සැරසෙයි

උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර රාජ්‍ය තාන්ත්‍රික සාකච්ජා අද (09) පැවැත්වේ.

ඒ, උතුරු – දකුණු කොරියා දේශ සීමා නගරයක් වන පැන්මුන්ජොම්හිදී ය. දෙරට අතර සාකච්ජා පැවැත්වෙන්නේ වසර දෙකකට පසුව ය.

ලබන මස දකුණු කොරියාවේ ශීත සෘතු ඔලිම්පික් උළෙල සඳහා උතුරු කොරියානු කණ්ඩායමක් සහභාගී කරවීම පිළිබඳ එහිදී සාකච්ජා පැවැත්වෙනු ඇතැයි විදසේ මාධ්‍ය වාර්තා කර ඇත.

මේ සඳහා පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් දකුණු කොරියාවට යැවීමට තීරණය කර තිබේ.

සාකච්ජා පැවැත්වෙන පැන්මුන්ජොම් ප්‍රදේශය එක්සත් ජාතීන්ගේ අධීක්ෂණයෙන් දෙරටේම පාලනය යටතේ පවති. මේ නගරය හැඳින්වෙන්නේ “සාම නගරය” ලෙසය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();