Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ලෝක පාපන්දු කුසලානය ජනපතිට පිළිගන්වයි

 ලබන ජූනි මස රුසියාවේ මොස්කව් නුවර පැවැත්වෙන 2018 ලෝක පාපන්දු තරගාවලියේ ශුරයන්ට පිරිනැමෙන කුසලානය ඊයේ (24) පෙරවරු ජනාධිපති මන්දිරයේදී ලෝක පාපන්දු සම්මේලනයේ විශේෂ නියෝජිත, 1998 ලෝක පාපන්දු කිරුළ දිනූ ප්‍රංශ කණ්ඩායමේ සාමාජික ක්‍රිස්ටියන් කරෙම්බෝ මහතා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පිළිගන්වනු ලැබීය.

ලෝක පාපන්දු සම්මේලනය (ෆීෆා) මගින් පාපන්දු කුසලානය ලොව වටා රැගෙන යාමේ චාරිකාවේ පළමු ගමනාන්තය බවට ශ්‍රී ලංකාව පත් කරමින් පෙරේදා රාත්‍රී එය මෙරටට රැගෙන එනු ලැබීය. මේ අවස්ථාවට ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර, ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා මහත්වරු සමග ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම එක්වූහ.

ඡායාරූපය - උදේශ් ගුණරත්න

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();