Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඩුබායිවලින් පිටුවහල් කළ නදීමාල් දිවයිනට

පාතාල නායක මාකදුරේ මධුෂ් සමග ඩුබායිහි දී අත්අඩංගුවට පත්ව එරට රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටි දෙදෙනෙකු එරටින් පිටුවහල් කර ඇත.
 
ගායක අමල් පෙරේරාගේ පුත් නදීමාල් පෙරේරා හා බන්ධනාගාර නියමකවරයෙක් වන ලලිත් කුරේ යන අය ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කිරීමෙන් පසු අද(27) උදෑසන කටුනායක ගුවන්තොටුපොලේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
 
ඔහු අද දින අධිකරණය වෙත ඉදිරිපත් කරන බව වාර්තා වේ. ඩුබායි පොලිස් අත්අඩංගුවේ පසුවූ අමල් පෙරේරාගේ පුත් ගායන ශිල්පී නදිමාල් පෙරේරා මත්ද්‍රව්‍ය භාවිත කර නොමැති බවට පසුගියදා තහවුරු විය.
 
මාකදුරේ මධුෂ් සමග ඔවුන් අත්අඩංගුවට පත්වූයේ එරට සාදයකදීයි. ඒ මත්ද්‍රව්‍යද සමගයි.
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();