Ticker

6/recent/ticker-posts

Header Ads Widget

හිඟ වැටුප් වෙනුවට ගඩොල්

 චීනයේ ගඩොල් කර්මාන්ත ශාලාවක සේවකයන් ගේ හිඟ වැටුප් ගඩොල් වලින් ගෙවීමට එහි හිමිකරුවන් තීරණය කර තිබේ. කර්මාන්තශාලා තිහක රැකියා කරන කම්කරුවන් මෙම තීරණයට එකඟ වී තමන්ට ලැබිය යුතු යුවාන් 80,000 වෙනුවට ගඩොල් 290,000 ක් භාරගෙන තිබෙන බව එරට මාධ්‍ය ආයතනය වාර්තා කරයි. එහෙත් තවත් යුවාන් 10,00ක හිග වැටුප් ගෙවීමට ඇති අතර එය ගෙවීමේ ක්‍රමයක් සොයමින් සිටින බව එම වාර්තාවේ දැක්වේ.

මෙම ගැටලුවට මැදි වී සිටින සියලුම කම්කරුවන් කඳුකර ප්‍රදේශයේ සිට ගිනිකොන චීනයට සංක්‍රමණය වූවෝය. කම්කරුවන් තම වේතනයට සරිලන වටිනාකමක් ඇති ගඩොල් ලබා ගැනීමට එකඟ වීමත් සමග, අධිකරණයේ සහය ඇතිව කම්කරු දෙපාර්තමේන්තුව මැදිහත් වීමෙන් මෙම ගැටලුව සමථයකට පත් කිරීමට හැකි වී තිබේ.

ගඩොලකට මූල්‍යමය වටිනාකමක් ලැබීමට තරම් රටේ තත්ත්වය නරක අතට හැරී ඇති බව ඇතැමෙක් ප්‍රකාශ කරන අතර පෙබරවාරි මස පැවැත්වෙන චීන අලුත් අවුරුදු දිනය ආසන්න වන විට කර්මාන්තශාලා හිමිකරුවන් සහ සංක්‍රමික කම්කරුවන් අතර ශීත සෘතුවේ දී මෙවැනි ගැටුම් හටගැනීම සාමාන්‍ය තත්වයක් බව එම මාධ්‍ය පවසයි. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();