Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සජිත්ට විරුද්ධව තරුණයෙක්ගෙන් දිවුරුම් පෙත්සමක් – DV චානකගේ වාහනයට මත්කුඩු හෝ තහනම් ද‍්‍රව්‍යයක් දමා පොලීසියට කොටු කරන්න හැදු සජිත්ගේ සැලසුමක් හෙලිවේ..

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක මහතාගේ රථයට අනීතික යමක් දමන ලෙස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ලේකම්වරයෙකු තංගල්ල කොට්ඨාස භාර පොලිස් අධිකාරීවරයා මාර්ගයෙන් තමන්ට දැනුම් දුන් බව පවසමින් අද (25) තරුණයෙකු පොලිස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබුවේය.

මෙම තරුණයාට සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ රැකියාවක් ලබා දීම සඳහා මෙම කාර්යය කරන ලෙසට උපදෙස් දුන් බව එම තරුණයා වැඩිදුරටත් සඳහන් කළේය.

මීගමුව දාගොන්න පදිංචි අජිත් ලක්මාල් නමැති තරුණයෙක් සිය දිවුරුම් ප්‍රකාශයක් මඟින් පොලිස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.

එම දිවුරුම් ප්‍රකාශය මඟින් තරුණයා පවසා ඇත්තේ තමන් රැකියාවක් සඳහා විදෙස් ගත වීමට සුදානම් වු අවස්ථාවේ තංගල්ල කොට්ඨාස භාර පොලිස් අධිකාරීවරයා විසින් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ අමාත්‍යාංශයේන් රැකියාවක් ලබා දෙන බවට පොරොන්දු වු බවයි.

රැකියාව ලබා ගැනීමට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක මහතාගේ රථයට අනීතික යමක් දමන ලෙස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ලේකම්වරයෙකු තංගල්ල කොට්ඨාස බාර පොලිස් අධිකාරීවරයා මාර්ගයෙන් තමන්ට දැනුම් එම තරුණයා දිවුරුම් ප්‍රකාශයේ සඳහන් කර තිබේ.

ඊට එකඟ නොවු තමන් අද දහවල් 12.30 පමණ පොලිස් කොමිසමට පැමිණිල්ලක් කිරීමට පැමිණෙන අවස්ථාවේ පොලිසියෙන්ද බාධා එල්ල වු බව අජිත් ලක්මාල් නමැති තරුණයාගේ නීතිඥයා පවසයි.


Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();