Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රජයේ සංවර්ධන වැඩ ජනතාව අතරට ගෙන යනවා

Author(s): 
කමනි අල්විස්

රජයක් වශයෙන් වසර හතරක් පුරා රටටත්, ජනතාවටත් ඉටු කර තිබෙන අනභිභවනීය සේවය පිළිබඳ ජනතාවගේ හදගැස්මට දැනෙන ප්‍රචාරයක් ලබාදීමට කැපවීමෙන් ක්‍රියා කරන බව කැබිනට් නොවන ජනමාධ්‍ය ඇමැති සහ ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා පැවසීය.

විශාල සංවර්ධන වැඩ කොටසක් රජය රටට ඉටු කරමින් ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් සිදුකළ කාර්යභාරය පිළිබඳ ජනතාවට දැනෙන ප්‍රචාරයක් ලබාදීම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ‍පරම පවිත්‍ර අපේක්ෂාව වී තිබෙන බව පැවසූ ඇමැති රුවන් විජයවර්ධන මහතා, අගමැතිතුමාගේ එම අපේක්ෂාව නොපිරිහෙළා ඉටුකරදෙන බවත් ප්‍රකාශ කළේය.

අතිවිශාල සංවර්ධන වැඩකොටසක් රජය වසර හතරක් පුරා රටට ඉටුකර දී මහජන සුබසිද්ධියට ක්‍රියා කළත් ඒ සඳහා මාධ්‍යයෙන් සැලකිය යුතු ප්‍රචාරයක් නොලැබෙන බවත් ඇමැති රුවන් විජයවර්ධන මහතා අවධාරණය කළේය.

ඇමැති රුවන් විජයවර්ධන මහතා මේ බව පැවසුවේ ජනමාධ්‍ය කැබිනට් නොවන ඇමැතිවරයා වශයෙන් නාරාහේන්පිට ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී ඊයේ (25) සිය ධුරයේ රාජකාරි කටයුතු ආරම්භ කළ අවස්ථාවේදීය. ඇමැති රුවන් විජයවර්ධන මහතා සිය ධුරයේ රාජකාරි ඇරඹූ වහාම ජනමාධ්‍යවේදීන් හමුවී අදහස් පළ කිරීම තම ප්‍රථම කාර්ය බවට පත්කර ගත්තේය.

ඊයේ උදේ ජනමාධ්‍ය අමාත්‍යාංශයට පැමිණි ඇමැති රුවන් විජයවර්ධන මහතා පිළිගැනීමට මැති ඇමැතිවරු, මාධ්‍ය ප්‍රධානීන්, මාධ්‍යවේදීන්, කලාකරුවන්, නිලධාරීන්, බියගම එක්සත් ජාතික පාක්ෂිකයින් ඇතුළු හිතවතුන් රැසක් එක්වී සිටියහ.

ජපානයේ ප්‍රධාන සංඝනායක බානගල උපතිස්ස නාහිමි, සේදවත්ත පුරාණ රජමහා විහාරාධිපති අඹන්ගමුවේ ඤාණාලෝක නාහිමි, බියගම පියරතන නාහිමි ඇතුළු මහා සංඝරත්නයේ සෙත් පිරිත් දේශනා මධ්‍යයේ ඇමැති රුවන් විජයවර්ධන මහතා තම ධුරයේ වැඩ භාර ගැනීමේ රාජකාරි ලිපියට අත්සන් තැබීමට පෙරාතුව ඇමැති පී. හැරිසන් මහතා විජයවර්ධන මහතාට ශුභාශිංසන පිරිනැමීය. අනතුරුව රාජකාරි ලිපියට අත්සත් තැබූ ඇමති විජයවර්ධන මහතාට ඇමැති රවී කරුණානායක, ඇමැති අජිත් පී පෙරේරා සහ මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහත්වරුන්ගේ ශුභාශිංසන හිමිවිය. ඉන්පසු ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරිය වන රමනී ගුණවර්ධන මහත්මිය වෙතට තම රාජකාරි ලිපියට භාරකොට පසෙක තිබූ බුදුරුව අබියස මල්පහන් පුදා ආගමික වතාවත් ඉටු කළේය. හින්දු, මුස්ලිම්, කතෝලික පූජකවරුන්ගේ ආශිර්වාද ද හිමිවිය.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();