Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඩිෆෙන්ඩරයේ රියදුරු රිමාන්ඩ්

අමෝදා ජයමහ

ඇප කොන්දේසි සපුරා නැති අලුත්ගමගේගේ පුතා ඇතුළු 5කුත් රිමාන්ඩ්

බොරැල්ල රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා රිය අනතුරකට ලක් කර බරපතළ තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් ඩිෆෙන්ඩර් රිථයේ රියදුරු නවිඳු ඔමේෂ් රත්නායක යන අය මාර්තු 11වැනි දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා ඊයේ (25) නියෝග කළේය.

ඇප නියම වූ අයගෙන් සැකකරුවන් පස් දෙනකු ඇප කොන්දේසී සපුරාලීමට අපෝහොසත් වීම නිසා රිමාන්ඩ් බන්ධනාගාරය වෙත රැගෙන යනු ලැබිණි.

රාජකාරි කටයුත්තක් සඳහා පොලිස් යතුරු පැදියෙන් යමින් සිටි පොලිස් නිලධාරීයකුව ඩිෆෙන්ඩර් ජීප් රථයක් අධික වේගයෙන් අපරීක්ෂාකාරී ලෙස හා විදුලි සංඥා නොතකා ධාවනය කරමින් අනතුරුට ලක්කර පලා යෑම, බරපතළ තුවාල සිදු කිරීම, මීනී මැරීමට තැත් කිරීම යන චෝදනා සැකකරුට එරෙහිව ඉදිරිපත් කර තිබිණි. ජනාධිපති ආරක්ෂක අංශයේ පොලිස් අධිකාරී ප්‍රදීප් රත්නායක මහතාගේ පුත්‍රයා වන නවිඳු ඔමේෂ් රත්නායක යන අය මේසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් එක් සැකකරුවකුට ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. පදිංචි වසමේ ග්‍රාමසේවක සහතික ඉදිරිපත් කරන ලෙස ද එම සැකකරුවන්ට නියම කෙරිණි.

එලෙස ඇප නියම වූයේ මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ පුත්‍රයා වන රන්සික බණ්ඩාර අලුත්ගමගේ, සේසිත රන්දීප ගුණදාස, වින්ද්‍යා විශ්වභාෂිනී වීරසිංහ, දුමින්ද සුදම්මික ආටිගල, කිරන් මැතිව්ද නීෂ්, දුලංජන චාමර දාබරේ යන සැකකරුවන්ටය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();