අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ පැවැත්වෙන දෙවැනි සාකච්ඡාවට සහභාගි වීම සඳහා වියට්නාමය බලා යන උතුරු කොරියානු නායක කිම් ජොන් අන් යාලු ගඟ තරණය කර චීනයට ඇතුළු විය. උතුරු කොරියානු නායකයා මේ සංචාරය සඳහා යොදා ගෙන ඇත්තේ ද සුපුරුදු දුම්රියයි. කෙසේ නමුත් ඔහු වියට්නාමය දක්වාම දුම්රියෙන් ගමන් කරන්නේ දැයි පැහැදිලි නැත. එසේ වුවහොත් ඔහුට තවත් දින දෙක හමාරක් ඒ සඳහා ගත වනු ඇති බව වාර්තා වේ.
අමෙරිකානු ජනාධිපතිවරයා සහ උතුරු කොරියානු නායකයා අතර හමුව මේ මස 27 සහ 28 යන දෙදින පැවැත්වෙන අතර ඒ සම්බන්ධයෙන් මෙතෙක් විස්තර කිසිවක් ප්‍රකාශයට පත් කර නැත.
මෙහිදී කොරියානු අර්ධද්වීපය න්‍යෂ්ටික අවිවලින් තොර කලාපයක් බවට පත් කිරීම සඳහා සාකච්ඡා පැවැත්වෙනු ඇත.
0 Comments