Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සේව් ද චිල්රන් ප්‍රහාරයෙන් 11කට තුවාලයි

 ඇෆ්ගනිස්තානයේ පිහිටි 'සේව් ද චිල්රන්' ජාත්‍යන්තර ආධාර නියෝජිතායතනය වෙත එල්ල වෙමින් පවතින ප්‍රහාරය හමුවේ 11 දෙනකු තුවාල ලබා තිබේ. ජලලාබාදි හි පිහිටි එම ආයතනයෙන් පිටත සිදු වූ පිපිරීමකින් පසු එම ගොඩනැගිල්ල තුළට තුවක්කුකරුවන් ඇතුළු වී වෙඩි තැබීමට පටන් ගත් බව වාර්තා වේ‍ . ඊට ආසන්නයේ පිහිටි පාසලේ සිසුන් වෙඩි හඩ ඇසීමත් සමග ඒ මේ අත දිව යන්නට වූ බව එරට මාධ්‍ය පවසයි.

මෙම ප්‍රහාරයේ වගකීම කිසිවකුත් බාර ගෙන නැතත්, පාකිස්තාන දේශ සීමාව ආසන්නයේ පිහිටි ජලලාබාද් 2015 වසරේ සිට නිතරම අයි. එස් සටන්කාමීන් ගේ ඉලක්කයට ලක් වී ඇත. මෑතකදී ඔවුන් විසින් කාබුල් හි පිහිටි සුපිරි හෝටලයකට එල්ල කළ ප්‍රහාරයෙන් විදේශිකයන් රැසක් ඇතුළු 22 දෙනෙක් මිය ගියහ. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();