Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ප්‍රභාකරන්ගේ ඡායාරූපය යොදාගෙන මුහුණු පොතෙන් සුබපැතූ සැක දෙදෙනා තවදුරටත් රිමාන්ඩ්

සිරන්ජනි කුමාරි

එල්.ටී.ටී.ඊ නායක වෙළුපිල්ලේ ප්‍රභාකරන්ගේ ඡායාරූපය ඇතුළත් කරමින් 2018 නව වසරට සුබපතමින් අන්තර් ජාලයේ මුහුණු පොත හරහා සුබපැතිමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොළඹ ත්‍රස්ත විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරුවන් දෙදෙනා තවදුරටත් ලබන මස 07 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් දුලානි අමරසිංහ මහත්මිය ඊයේ (24) නියම කළාය.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ රත්නපුර සමගිපුර විල්ලපිටිය වත්ත පදිංචි සොනු දිනේෂ් කුමාර් හා විජේකුමාර් විදුෂන් නමැති සැකකරුවන්ය.

රත්නපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.එන්.ඕ පෙරේරා මහතා ත්‍රස්ත විමර්ශන අංශය වෙත කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

විදුෂන් රොක්සි නමැති මුහුණු පොත ඔස්සේ 2018 වසරට සුබපතමින් සුබපැතුම් පත් යොමු කර තිබු බව පැමිණිල්ලේ සඳහන් වන අතර මෙවැනි ක්‍රියා මඟින් සිංහල දෙමළ ජාතීන් අතර ජාතිවාදි හැගීම් අරගලකාරී තත්ත්වයක් නිර්මාණය වන බවත් ජාති අතර සුහඳතාව පළුදු වන ආකාරය සිද්ධින් විය හැකි බවට ද පොලිසිය අධිකරණය හමුවේ වාර්තාවක් ඉදිරිපත් කරමින් සඳහන් කර සිටියේය.

වෙළුපිල්ලේ ප්‍රභාකරන්ගේ රුව සහිත ඡායාරුපය හා ශ්‍රී ලංකා සිතියම තුළ ඊලාම් රාජ්‍ය සලකුණ ඇතුළත් ඡායාරුප ,මහවිරු දිනය සැමරිම සම්බන්ධ ඡායාරුප හා එන්න අප හා එක්වන්න යනුවෙන් වැකි සටහන් කර එල්.ටී.ටී.ඊ සංවිධානයේ සමාජික ඡායාරුප ඇතුළත් ඡායාරුප ද මේ මුහුණු පොතේ ප්‍රචාරය කර තිබේ.

සැකකරුවන් සතුව තිබී ලබා ගත් ස්මාට් ජංගම දුරකථනය සම්බන්ධ වැඩිදුරටත් විමර්ශන පවත්වන බවත් සැකකරුවන් සම්බන්ධයෙන් 2007 අංක 56 දරන සිවිල් දේශපාලන හා ජාත්‍යන්තර සම්මුතිවාදී පනත ප්‍රකාරව විමර්ශන පවත්වන බවට පොලිසිය අධිකරණය වෙත දැන්වීය.

අදාළ කරුණු සළකා බැලු මහෙස්ත්‍රාත්වරිය සැකකරුවන් දෙදෙනා තවදුරටත් ලබන මස 7 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();