සන්ධ්‍යා කරුණාරත්න
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නිලවරණය පැවැත්වූ ඊයේ (24) දිනයේදී එම පරිශ්‍රය තුළදී වෛද්‍යවරුන් දෙදෙනෙකු අතර ඇති වූ බහින්බස්වීම දුරදිග ගොස් ගුටිබැට හුවමාරුවකින් තුවාල ලැබූ දෙදෙනා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
තුවාල ලැබූ වෛද්‍යවරුන් දෙදෙනාගෙන් එක් අයෙක් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ නියෝජිතයකු වන අතර අනෙක් වෛද්‍යවරයා කිසිදු සංගමයක් නියෝජනය නොකරන පුද්ගලයකු බව වාර්තාවේ.
මේ සිද්ධිය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් විමසූ විට ප්‍රකාශ කළේ සිය සංගමය මඟින් මැතිවරණ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා පත්කර සිටි වෛද්‍යවරයෙකුට සංගමයෙන් නෙරපා දැමූ වෛද්‍යවරයෙකු විසින් පහරදීම සිදුකර ඇති බවය.
මේ සිදුවීම සම්බන්ධයෙන් මරදාන පොලිසියට පැමිණිල්ලක් කර ඇති බව ද සංගමය පවසයි.
මේ සිද්ධියට මුහුණ දුන් වෛද්‍ය සංගමයට සම්බන්ධ නොමැති වෛද්‍යවරයාගෙන් විමසූ විට ඔහු සඳහන් කළේ සංගමයේ සාමාජිකත්වය දරන වෛද්‍යවරයා තමාගේ හිසට හේතුවක් නොමැතිව පහර දුන් බවත්, ස්කෑන් පරීක්ෂාවක් සිදුකර ගැනීම සඳහා තමා දැනට රෝහල් ගතවූ බවත්ය.
වෛද්‍ය සභා නිලවරණය සාමකාමීව පැවැත්වූවා
l වෛද්‍ය සභාවේ ලේඛකාධිකාරී කියයි
සන්ධ්‍යා කරුණාරත්න
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට සාමාජිකයන් හතරදෙනෙකු තෝරා පත්කර ගැනීම සඳහා වූ නිලවරණය පෙරේදා (23) සහ ඊයේ (24) දිනයන්හි ඉතාමත්ම සාමකාමීව පැවැති බව වෛද්‍ය සභාවේ ලේඛකාධිකාරී වෛද්‍ය ටෙරන්ස් ද සිල්වා මහතා පවසයි.
ඉතිහාසයේ කිසිදු දවසක නොපැවති උනන්දුවක් මෙවර මැතිවරණෙය්දී වෛද්‍යවරුන් අතර දක්නට ලැබුණ බවත් වෛද්‍ය අධ්‍යාපනය රැකගැනීමට ඇති එකම ආයතනය මෙය බව ද පසුගිය දිනවල කථිකාවක් ඇති වූ බැවින් එය මේ උනන්දුවට හේතුවිය හැකි බවත් අවධාරණය කළේය.
ඉතිහාසයේ පැවැති මැතිවරණවලදී සියයට දහයක් පමණ ඡන්දය භාවිතා කළද මෙවර සියයට විසිපහකට වැඩි පිරිසක් ඡන්දය භාවිතා කිරීමට වෛද්‍ය සභාවට පැමිණි බවත් ඔහු පැවසුවේය.
ඡන්දය ආරම්භ වූ 23 දින වෛද්‍යවරුන් 3880 ක් ඡන්දය ප්‍රකාශ කළ බවත්, වෛද්‍යවරුන් තුන්දහසකට වැඩි පිරිසක් ඊයේ (24) දිනයේදී ඡන්දය ප්‍රකාශ කළ බවත් ඒ මහතා පැවසුවේය.
ඡන්ද විමසීම ඊයේ (24) සවස 4.00 වන විට අවසන් වූ නිසා ඡන්ද ගණන් කර ප්‍රතිඵල ලබාදීම මධ්‍යම රාත්‍රිය වනු ඇතැයි ද හෙතෙම කීය.
වෛද්‍ය සභාවට තේරී පත්වන සාමාජිකයින් හතරදෙනා හෙට (26) පැවැත්වෙන ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ මාසික රැස්වීමට සහභාගි වන බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.

0 Comments