ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මොහාලිහිදී අද (13 වැනිදා) පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දියානු කන්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 04ක් දැවී ලකුණු 392ක් රැස් කිරීමට සමත් විය.
එහිදී ප්‍රහාරාත්මක ඉනිමක් දියත් කළ ඉන්දියානු නායක රෝහිත් ශර්මා සිය තෙවැනි එක්දින ද්විත්ව ශතකය රැස් කරගනිමින් නොදැවී ලකුනු 208ක් රැස් කරගැනීමට සමත් වු අතර ශ්‍රීයාස් අයියර් සමග එක්ව දෙවැනි කඩුල්ලට ලකුණු 213ක සම්බන්ධතාවක්ද පැවැත්වීමට සමත් විය.
එක්දින ද්විත්ව ශතක තුනක් රැස් කළ පළමු ක්‍රීඩකයා ලෙසද ශර්මා වාර්තා පොත් අතරට එක් වු අතර පන්දු 153කදී වාර්තා වු රෝහිත් ගේ ඉනිමට දැවැන්ත හයේ පහර 12ක් හා හතරේ පහර 13ක් ඇතුළත් විය.
සිය මංගල එක්දින අර්ධ ශතකය රැුස් කරගත් අයියර් පන්දු 70 කදී හයේ පහර 02 ක් හා හතරේ පහර 9ක් සමගින් ලකුණු 88ක් රැස් කළහ.
මුළු ලකුණු සංඛ්‍යාව 115 ක් වනවිට ඉන්දිය කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස ශිකර් ධවාන් දවාගැනීමට සචිත් පතිරණ සමත්විය. ලකුණු ලබාගැනීමට සෙමින් ආරම්භ කළද පසුව ලකුණු ලබාගැනීමේ වේගය වැඩි කළ ධවාන් දැවීයන විට පන්දු 67 කදී හතරේ පහර 9 ක් සමගින් ලකුණු 68 ක් රැස්කිරීමට සමත්විය.
පළමු ඕවර 10 තුළ කඩුල්ලක් ලබානොදුන් ඉන්දිය පිතිකරුවෝ රැස්කිරීමට සමත්වූයේ ලකුණු 33 ක් වුවද අවසන් ඕවර 15 දී එක් කඩුල්ලක් අහිමිකර ගනිමින් ලකුණු 100 ක් රැස්කිරීමට සමත්වූහ.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දුයැවීමේදී නායක තිසර පෙරේරා ලකුණු 80 කට කඩුලු 03ක් දවා ගත් අතර සචිත් පතිරණ එක් කඩුල්ලක් දවා ගැනීමට සමත් විය
ශ්‍රී ලංකා කණ්ඩායමේ කිසිදු වෙනස්කමක් සිදුකර නොමැති අතර ඉන්දිය කණ්ඩායමේ එක් වෙනස්කමක් සිදුකරමින් කුල්දීප් යාදව් වෙනුවට වොෂින්ටන් සුන්දර් එක්දින වරම් හිමිකර ගනිමින් කණ්ඩායමට එක්වී ඇත.
වළාකුළු වලින් පිරි අහසක් ඇති බැවින් ඉන් ප්‍රයෝජන ගැනීමට අවශ්‍ය බව කාසියේ වාසිය දිනාගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා නායකයා පැවසීය. පළමු තරගයේ තණතීරූවට වඩා මෙම තණතීරුව වඩාත් හොදයැයි පැවසු තිසර පෙරේරා මම දන්නවා මෙම තණතීරූව. මම කිංග්ස් ඞෂ පංජාබ් කණ්ඩායම සමගින් මෙම තණතීරූවේ ක්‍රීඩාකර ඇති බවද පැවසීය.
කාසියේ වාසිය දිනාගත්තානම් ඔවුන් පන්දු යැවීමට සිටිබව ඉන්දිය කණ්ඩායමේ නායක රෝහිත් ශර්මා පැවසීය. හැම තරගයකදීම මොනයම්හෝ දෙයක් ඉගෙන ගැනීමට ලැබෙන බවත් පන්දු යැවීමට සිටින කණ්ඩායම තරුණ පිරිසක් බවත් ඔවුන්ට තමන්ගේ අඩුපාඩු හදාගෙන ඉදිරියට යෑමට හැකි බවත් ශර්මා පැවසීය.
කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක තිසර පෙරේරා පළමුව පන්දු යැවීමට තීරණය කළේය
from Gossip Lanka News & Video http://ift.tt/2yln8yf
via internet
0 Comments