Ticker

6/recent/ticker-posts

Header Ads Widget

විරාට් – අනුෂ්කා විවාහ උත්සවය සැමරූ අවුරුදු 800ක් පැරණි මිල අධිකම ඉතාලි ගම්මානය මෙන්න

විරාට් කෝලි සහ අනුෂ්කා ෂර්මාගේ විවාහ උත්සවය මේ වනවිට ලොව පුරාම දැඩි කතාබහට ලක්වෙලා තිබෙනවා. ඒ ඔවුන් කිසිඳු ප්‍රසිද්ධයකින් තොරව ඔවුන්ගේ විවාහ උත්සවය පැවැත්වු නිසයි. ඉතාලියේ Tuscanyහි පැවැත්වු මෙම විවාහ උත්සවය පිළිබඳ තවත් උණුසුම් පුවතක් වාර්තා වෙලා තිබෙනවා. ඒ තමයි ඔවුන් විවාහ උත්සවය පැවැත්වු නිවාඩු නිකේතනය පිළිබඳවයි.
ඔවුන් විවාහ උත්සවය සමරා තිබෙන්නේ Borgo Finocchieto නම් නිවාඩු නිකේතනයේ වන අතර වාර්තාවලට අනුව මෙම ස්ථානය නව අවුරුදු සමයේදී හා නත්තල් සමයේදී ලොව දෙවැනියට මිල අධික නිවාඩු නිකේතනයයි.
Image result for Borgo Finocchieto

අක්කර 6 ක් පුරා විහිදුණු මෙම භූමිභාගයෙහි අමුත්තන් 44 දෙනෙකුට සේවා සැපයිය හැකි ආකාරයේ විලා නිවාස 22 ක් වේ. මෙම පරිශ්‍රය පුරාවට අධිආරක්ෂාවක් සපයා ඇති අතර එය අනාරාධිත පුද්ගලයින්ට කිසිසේතම ප්‍රවේශ විය හැකි ස්ථානයක් නොවේ.
Image result for Borgo Finocchieto

වසර 800 ක් පමණ පැරණි මෙහි එක් කාමරයක පසුගිය මැයි මාසයේ දී හිටපු ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා සහ ජනාධිපති ආර්යා මිෂෙල් ඔබාමා ද නවාතැන් ගෙන ඇත.

ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත් වාර්තාවට අනුව මෙම නිකේතනයේ මිල ගණන් මෙසේ වේ.
Daily rates: Manor house (nine suites) is priced at EUR 6,480 plus taxes (₹4.91 lakh approx)
Borgo in exclusive use (includes all five houses, 22 rooms) costs EUR 45,969 (₹34.87 lakh approx) for 44 guests in three days
Image result for Borgo Finocchieto
ඉතාලියේ මිලාන් හා ෆ්ලොරන්ස් යන ගුවන්තොටුපළ දෙකටම මෙහි සිට සම්බන්ධ විය හැකි අතර මිලාන් නුවර සිට කිලෝමීටර 372 ක දුරකින් Borgo Finocchieto පිහිටා තිබීම මෙහි ඇති විශේෂ කරුණකි.


from Gossip Lanka News & Video http://ift.tt/2AzioL7
via internet

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();