ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සහාය ලැබූ රිපබ්ලිකන් පාක්ෂික රෝයි මුවර් පරාජයට පත්කරමින් වසර 25කින් පසු පළමු වතාවට ඇලබාමා ප්‍රදේශයේ සෙනෙට් ආසනය දිනාගැනීමට ඩිමොක්රටික් පාක්ෂික ඩග් ජෝන්ස් සමත් වී සිටියි.
ඩග් ජෝන්ස්ගේ (Doug Jones) අනපේක්ෂිත ජයග්‍රහණයත් සමගම රිපබ්ලිකන් පක්ෂයට සෙනෙට් සභාවේ හිමි බහුතරය ද 51-49 ක් වශයෙන් අඩු වේ.
සියලුම ඡන්ද ගණන් කිරීම අවසන් වී තිබෙන නමුත් හිටපු විනිශ්චයකරුවෙකු වන රෝයි මුවර් (Roy Moore) තවමත් පරාජය භාරගෙන නැත.
එහෙත් ජනාධිපති ට්‍රම්ප් ට්විටර් පණිවුඩයකින් ඩග් ජෝන්ස්ට සුභ පතා තිබේ.
තරුණ දැරියන් සමග නොමනා ලිංගික හැසිරීම් පිළිබඳව ප්රචාරක ව්‍යාපාරය අවස්ථාවේ ඔහුට චෝදනා එල්ල විය.
සමලිංගික ක්‍රියාකාරකම් නීති විරෝධී බවට පත් කළ යුතු යයි හඬ නගන ගතානුගතිකවාදියෙකු වන රෝයි මුවර් තමන්ට එරෙහිව එල්ල වූ චෝදනා දිගින් දිගටම ප්‍රතික්ෂේප කළේය.
(බී.බී.සිය ඇසුරෙනි)
0 Comments