සිතාරා සේනානි
ජාතික අධ්‍යාපන විද්‍යා පීඨවල විෂයමාලා නවීකරණය කිරීම පිළිබඳ අවධානය යොමුව ඇති බව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
අධ්‍යාපන ක්ෂේත්රයේ පහසුකම් සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළ යටතේ අනාගතයේ දී අධ්‍යාපනයේ ඉහළ ප්‍රමිතියක් මෙන්ම ඉහළ ගුණාත්මක ප්‍රතිඵල ද රජය අපේක්ෂා කරන බවත් ඇමැතිවරයා සඳහන් කරයි. එමෙන්ම විද්‍යාපීඨ ශික්ෂණලාභීන්ගේ මාසික දීමනාව රුපියල් 2500 සිට රුපියල් 5000 දක්වා ඉහළ දැමීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා පවසයි. ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ 20 ක් සඳහා කැබ් රථ ප්රදානය කිරීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ඊයේ (13) පැවැති උත්සව යේ දී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.
අමාත්‍යවරයා එහි දී පෙන්වා දුන්නේ විද්‍යාපීඨවල යල්පැනගිය විෂයමාලා නවීකරණය කරමින් නවීන ලෝකයට ගැළපෙන පරිදි එහි අධ්‍යයන ක්‍රමවේදයන් සැකසිය යුතු බවයි. විද්‍යාපීඨවල පරිපාලන කටයුතු සඳහා ප්‍රවාහන පහසුකම්වල දැඩි අවශ්‍යතාවක් මතු ව තිබූ බවත් එම අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින් සහ විද්‍යාපීඨවල පරිපාලන කටයුතු වඩාත් සවිබලගැන්වීමේ අරමුණින් මෙලෙස වාහන ලබා දීමට හැකිවීම පිළිබඳ තමා සතුටට පත්වන බවත් අධ්‍යාපන අමාත්‍යවරයා පැවැසීය.
0 Comments