ජයසිරි මුණසිංහ
මේ වසරේ ඔක්තෝබර් මාසයේ කාර්මික නිෂ්පාදන දර්ශකය සියයට 3.7කින් වැඩිවී ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
වසර 2016 ඔක්තෝබර් මාසයේ කාර්මික නිෂ්පාදන දර්ශකය සියයට 104.7කි. එය මේ වසරේ ඔක්තෝබර් මාසයේදී සියයට 108.6ක් ලෙස වැඩිවී ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය අමර සතරසිංහ මහතා ප්‍රකාශ කෙළේය.
ඒ පිළිබඳව අදහස් දැක්වූ අධ්යක්ෂ ජනරාල්වරයා මෙසේද කියා සිටියේය.
කාර්මික නිෂ්පාදන දර්ශකය ද ඇතුළත්ව ආර්ථික දර්ශකාංක ගණනාවක් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් සම්පාදනය කරනු ලැබේ. මෙම දත්ත ආර්ථිකයේ ප්රවණතා හඳුනාගැනීමට, ආර්ථික වර්ධනය මෙහෙයවන ප්‍රධාන අංශ හඳුනාගැනීමට, ආර්ථික ක්‍රියාකාරීත්වය ඇගයීමට, ප්‍රතිපත්ති සම්පාදනයට හා ඇගයීමට රජය මෙන්ම කර්මාන්තායතන ද භාවිත කරනු ලැබේ. ඒ අනුව නිශ්චිත යොමු කාලයකට සාපේක්ෂව දෙන ලද කාල පරිච්ඡේදයකදී ආර්ථිකයේ කර්මාන්ත අංශයෙහි ස්වරූපය පිළිබඳ හඳුනාගැනීම කාර්මික නිෂ්පාදන දර්ශකය මඟින් සිදු කෙරේ. තවද මෙමඟින් කර්මාන්ත අංශයේ කෙටිකාලීන වෙනස්කම් ද හඳුනාගත හැකිය.
ඒ අනුව 2016 ඔක්තෝබර් මස මාසික නිෂ්පාදන ධාරිතාවයට සාපේක්ෂව 2017 ඔක්තෝබර් මස පිරි සකසන ලද ලෝහ නිෂ්පාදන යන්ත්‍ර සහ යන්ත්‍රෝපකරණ සහ මූලික ලෝහ නිෂ්පාදන වල පිළිවෙළින් 26.2%, 14.2% සහ 8.7%ක කැපී පෙනෙන වර්ධනයක් වාර්තා වේ. 2017 ඔක්තෝබර් මස ආහාර නිෂ්පාදන අංශයෙහි නිෂ්පාදනය 4.5%ක වැඩිවීමක් වාර්තා වේ.
තවද බීම වර්ග නිෂ්පාදන, ගෘහ භාණ්ඩ නිෂ්පාදන සහ වෙනත් නිෂ්පාදන වල 2016 වර්ෂයේ ඔක්තෝබර් මස නිෂ්පාදනයට සාපේක්ෂව පිළිවෙළින් 15.1%, 12.2% සහ 5.5% ක අඩුවීමක් වාර්තා විය.
0 Comments