Ticker

6/recent/ticker-posts

Header Ads Widget

නොමිලේ දෙන්න අක්ෂි කාච 150,000ක් ආනයනය කෙරේ

සන්ධ්‍යා කරුණාරත්න

රෝගීන්ට නොමිලේ ලබාදීම සඳහා අක්ෂි කාච 150,000 ක් ලබන වසර සඳහා ආනයනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කරයි.

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත මේ තීරණය ක්‍රියාත්මක කරන අතර අක්ෂි සැත්කම් රෝගීන්ගේ සංඛ්‍යාව අවම කිරීම සඳහා නව වැඩපිළිවෙළක් සකස් කිරීමට ද ඇමැතිවරයා අවධානය යොමු කර තිබේ.

රජයේ රෝහල්වල සවස 4 න් පසුව අක්ෂි සැත්කම් සිදු කිරීමට සැලසුම් කර ඇති බවත් විශ්‍රාමික අක්ෂි ශල්‍ය වෛද්‍යවරුන් සහභාගි කරවා ගනිමින් ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ සහ නෙවිල් ප්‍රනාන්දු රෝහලේදී අක්ෂි සැත්කම් සිදු කිරීමට පියවර ගෙන ඇති බවත් ඇමැතිවරයා කීය.

වසර 2017 සඳහා බද්ධ කිරීමට අක්ෂි කාච ලක්ෂයක් ගෙන් වූ අතර ජංගම අක්ෂි සැත්කම් සිදු කිරීමේ වැඩපිළිවෙළක් ද සකස් කිරීමට රජය පියවර ගෙන ඇතැයි ඇමැතිවරයා පැවැසුවේය.

අක්ෂි ආබාධ සහිත වයෝවෘද්ධ පුද්ගලයින් 160 කට අක්ෂි සැත්කම් සිදු කිරීමේ වැඩපිළිවෙළක් ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (09) අක්ෂි රෝහලේදී ආරම්භ කෙරිණි. බුලත්සිංහල ආසනයේ වයෝවෘද්ධ පුද්ගලයින් සැත්කම්වලට භාජනය වීම එහිදී සිදුකෙරිණි. කඩුවෙල මහමෙවුනා අසපුවේ මහා සංඝරත්නය විසින් මේ වැඩපිළිවෙළ සංවිධානය කර තිබුණි.

අක්ෂි සැත්කම් සිදු කර ගැනීමට පැමිණ සිටි රෝගීන් සමඟ සුහද කථා බහක නිරත වීමට ද ඇමැතිවරයා කටයුතු කළේය. අක්ෂි කාච නොමිලේ ලබාදීමට සෞඛ්‍ය ඇමැතිවරයා ගත් තීරණය නිසා දුප්පත් අහිසංක රෝගී ජනතාවට සහනයක් ලැබී ඇති බව රෝගීන් එහිදී පැවැසූහ.

ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ලයනල් මුහන්දිරම් මහතා ද මේ අවස්ථාවට එක් විය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();