ජයසිරි මුණසිංහ
සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදලේ (ETF) සාමාජිකයින්ට මෙතෙක් කලක් ජාතික සංවර්ධන බැංකුවෙන් පමණක් ලබාගැනීමට සීමා කොට තිබු 'වියන' නිවාස ණය පහසුකම වහාම ක්‍රියාත්මකවන පරිදි ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් හා රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවෙන්ද ලබාගැනීමට ඉඩ කඩ ලබාදී ඇත. රුපියල් ලක්ෂයක අවම ණය මුදලක් හා උපරිමය රුපියල් ලක්ෂ 25ක් වන පරිදි මේ ණය යෝජනා ක්‍රමයෙන් තම අරමුදලේ සාමාජිකයින්ට නිවාස ණය පහසුකම් සපයා තිබූ අතර ඊට ඇති ඉල්ලුම සලකා බලා බැංකු සංඛ්‍යාව වැඩි කළ බව අරමුදලේ සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී මහින්ද මඩිහහේවා මහතා ප්‍රකාශ කෙළේය.
නිවසක් මිලදී ගැනීම සඳහා, නිවසක් අලුත්වැඩියා කිරීම සඳහා, නිවසකට කොටසක් එකතු කිරීම හා නිවසක් සහිත ඉඩමක් මිලදී ගැනීමට මේ ණය යෝජනා ක්‍රමයෙන් අරමුදල් ලබාගත හැකි බවද සභාපතිවරයා කීය. රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ 2 1/2ක් දක්වා අය කරන පොලිය සියයට 8.5කි. රු. ලක්ෂ 2 1/2 සිට ලක්ෂ 7 1/2 දක්වා අය කරන පොලිසය සියයට 9.00කි. රු. ලක්ෂ 7 1/2 සිට ලක්ෂ 25 දක්වා ලබාගන්නා ණය වලින් අයකරන පොලිසය සියයට 10කි. මේ ණය යෝජනා ක්‍රමයෙන් නිවාස ලබාගැනීමට නම් සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදලේ ගිණුමේ අවම වශයෙන් රු. 25000 මුදලක් තිබිය යුතුය. එම ශේෂය අවම වශයෙන් රු. 75000ක් වෙන්නේ නම් රු. ක්ෂ 25ක උපරිම ණය මුදල පවා ලබාගත හැකි බවද සභාපතිවරයා කීය.
0 Comments