අමෙරිකානු හෙළිකොප්ටර් යානයක කොටසක් ජපානයේ ඔකිනාවා ප්රදේශයට කඩා වැටී තිබේ.
විදෙස් වාර්තාවන්හි දැක්වෙන්නේ ඔකිනාවාහි පිහිටි පාසලක ක්රීඩාංගණයක් මතට එය කඩා වැටීමෙන් කුඩා පිරිමි ළමයෙකු තුවාල ලබා ඇති බවයි.
විශාලතම ඇමෙරිකානු හමුදා බල ඇණියක් සහිත ජපන් දූපත වන ඔකිනාවාහි ජනතාව නොසන්සුන්තාවට පත්ව තිබෙන බව ද විදෙස් වාර්තාවන්හි දැක්වේ.
ඔකිනෝවාහි දකුණු ප්රදේශයේ එක්සත් ජනපදයට අයත් හමුදා ඳවුරක් ද පිහිටා තිබේ.
විදෙස් වාර්තා පවසන්නේ මෙම හමුදා කඳවුර හේතුවෙන් පසුගිය වසර කිහිපය පුරාම මෙවැනි අනතුරු ගණනාවක් සිදුව ඇති බවයි.
0 Comments