නත්තල් උත්සවය නිමිත්තෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා 25දා සවස නුවරඑළිය එස්.ඕ.එස් ළමා ගම්මානයට සහ පේන්ටර් ළමා නිවාසයට ගොස් දරු දැරියන් සමඟ සුහද කතාබහක නියැලෙමින් ඔවුන්ට විවිධ තෑගි ප්‍රදානය කරනු ලැබීය.
මෙම අවස්ථාවට ආචාර්ය මෛත්‍රි වික්‍රමසිංහ මහත්මිය ද සහභාගී වූවාය. එස්.ඕ.එස් ළමා ගම්මානයේ දරුවකු ඇඳි සිතුවමක් අගමැති වික්‍රමසිංහ මහතාට පිරිනැමූ අවස්ථාව සහ පේන්ටර් ළමා නිවාසයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දරු දැරියන් සමඟ සුහද කතා බහක යෙදුණු අවස්ථාව. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්‍රි වික්‍රමසිංහ මහත්මිය එස්.ඕ.එස් ළමා ගම්මානයේ දරු දැරියන් සමඟ සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියහ.
0 Comments