Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ෂැන්ග්‍රීලා හෝටලේ ලොක්කා මහා රෑ මහින්ද හෝටලේට ගෙනත් දෙනෝ දාහක් ඉදිරියේ කියපු කතාව මෙන්න

පසුගිය බ්‍රහස්පතින්දා (16) වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සංකේතීය වශයෙන් පීත්ත පටි කපා විවෘත කළ Shangri-La Colombo තරු පංතියේ සුපිරි හෝටලය 17 රාත්‍රී කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඔහුගේ පවුලේ අය මෙන්ම අනෙක් රාජපක්ෂවරුන්ද ඇතුළුව නිළ වශයෙන් විවෘත කර තිබේ.

මෙම නිළ විවෘත කිරීම බ්‍රහස්පතින්දා රාත්‍රියේම සංවිධානය කර තිබුනද මහින්ද රාජපක්ෂ මහතාගේ උපන් දිනය නොවැම්බර් 18 වැනිදාට යෙදෙන බැවින් එදින රාත්‍රී එම උත්සවය සංවිධානය කරන ලෙස Shangri-La Colombo හෝටලයේ අධ්‍යක්ෂක, කෝටිපති ව්‍යාපාරික සජාඩ් මව්සූන් (Sajad Mawzoon) මහතා පාලනාධිකාරියට නියෝග කර ඇත.
ඒ අනුව පෙරේදා රාත්‍රියේ හිටපු ජනාධිපතිවරයා ඇතුළු පවුලේ සැමට දුර්ලබ ගණයේ රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වීමට Shangri-La Colombo හෝටලයේ පාලනාධිකාරිය කටයුතු කර තිබේ. සුපිරි ගණයේ චීන සාම්ප්‍රදායික රස මසවුළුවලින් විචිත්‍රවත් වූ මෙම රාත්‍රී භෝජන සංග්‍රහය චීන සාම්ප්‍රදායික අංගයන්ගෙන් සමන්විත විය.

17 වැනිදා මධ්‍යම රාත්‍රියේදී හිටපු ජනාධිපතිවරයාගේ උපන් දිනය වෙනුවෙන් උපන්දින කේක් කපා ඇති අතර එය Shangri-La Colombo පාලනාධිකාරිය විසින් පිළියෙල කර තිබිණි.

16 වන බ්‍රහස්පතින්දා ජනාධිපතිවරයා, අගමැතිවරයා ඇතුළු සම්භාවනීය අමුත්තන් හෝටලය සංකේතීය ආකාරයෙන් විවෘත කිරීමෙන් අනතුරුව 32 වන මහළ වෙත කැඳවාගෙන ගොස් ඇති අතර එහිදී අමුත්තන්ට කෙටි කෑම වර්ග හා තේ කෝප්පයකින් පමණක් සංග්‍රහ කළද ඊයේ රාත්‍රී භෝජන සංග්‍රහය විස්කි, බ්‍රැන්ඩි, ෂැම්පේන් උතුරා ගිය එකක් විය.

sajad_mawjun

උත්සව ශාලාව වෙත මහින්ද රාජපක්ෂ මහතා සහ එම මහත්මිය පැමිණෙන විට ඔවුන් දෙපළ පිළිගනිමින් අධ්‍යක්ෂක සජාඩ් මව්සූන් පවසා ඇත්තේ ‘මේ ඉන්නේ අපේ ජනාධිපති’ යැයි පවසමිනි. එහි රැස්ව සිටි පිරිස් ඊට අත්පොලසන් නගා ප්‍රතිචාර දක්වත්ම එක් අයෙකු පවසා ඇත්තේ ’72 වැනි උපන් දිනය කියන්නෙ ඉතා සුබ එකක්. ජේ.ආර්. ජයවර්ධන ලංකාවෙ පළවෙනි විධායක ජනාධිපති උනේ අවුරුදු 72 දි. ඔබතුමා ආයෙත් ජනාධිපති වෙන එක සක්කරයටවත් වලක්වන්න බෑ.’ කියාය.

මෙම අවස්ථාව විදහා දැක්වෙන ශ්‍රව්‍ය – දෘශ්‍ය හඬපට මේ වනවිට ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වෙමින් පවතී.
Shangri-La Colombo හෝටලයේ අධ්‍යක්ෂක ඇතුළු පාලනාධිකාරිය යහපාලන රජය සමග නොහොඳ නෝක්කාඩු වී සිටින්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඔවුන් වෙත සින්නක්කරව පැවරූ හෝටල් භූමි පරිශ්‍රය නව රජය යටතේ දීර්ඝකාලීන බද්දකට පරිවර්තනය කළ හෙයිනි. එහෙත් තමා පවරා දුන් සින්නක්කර ඔප්පුව මහින්ද රාජපක්ෂ මහතා සඟවමින් සිටී. මීට පෙර අප එකී ඔප්පුවේ පිටපත් අප වෙබ් අඩවිය ඔස්සේ ප්‍රචාරය කළ අතර හුදී ජන පහන් සංවේගය උදෙසා එය නැවත පළ කරන්නේ Shangri-La රාජපක්ෂට මෙතරම් ආදරය කරන්නේ ඇයිදැයි වටහා දීමටය.

මේ අතර හිටපු ජනාධිපතිවරයාගේ උපන් දින සාදය 18 වැනිදා රාත්‍රී, හිටපු අමාත්‍ය අර්ල් ගුණසේකර මහතාට අයත් මහනුවර අර්ල් රීජන්සි හෝටලයේදී පවත්වා තිබේ.

1-27

2-13

3-12

4-7

5-4

6-2

7-3

8-1

9-1

10-1



from Gossip Lanka News & Video http://ift.tt/2zZ7eOA
via internet

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();