ශ‍්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක‍්‍රීඩක සුරංග ලක්මාල් පසුගියදා නිමාවුණු ඉන්දියාව සමග පැවැති පළමු ටෙස්ට් තරගයේදි සිය කණ්ඩායම වෙනුවෙන් වැඩිම කඩුලු ලාභියා වුයේ තරගය පුරාවටම ඉන්දිය කණ්ඩායමේ කඩුලු 08ක් බිද දමමින්.
එම තරගයේ ආරම්භයේ සිටිම විශිෂ්ට පන්දුයැවීමට නිතරවු සුරංග පළමු පන්දුවෙන් ආරම්භක පිතිකරු ලෝකේෂ් රාහුල්ද, ඉන් පසුව ශිකර් ධවාන් හා විරාත් කෝලි ද දවා ගත් අතර නිලකුණු පන්දුවාර 06ක් යවමින් ලෝක වාර්තාවක් පිහිටුවීමද සමත් විය.
එම තරගයේදී සුරංග දැක්වු දස්කමි පිළිබදව සුරංග ලක්මාල්ගේ මව වන S.H.චන්ද‍්‍රලතා මහත්මිය සිය සතුට ප‍්‍රකාශ කර ඇත. ඉනිමේ පළමු පන්දුවෙන්ම දැවී ගිය ලෝකේෂ රාහුල්ගේ කඩුල්ල වඩා විරාත් කෝලිගේ කඩුල්ල සුරංග දවා ගැනීමටත් සමග සුරංගගේ මව මහත් ප‍්‍රීතියට පත්ව ඇති බව කාශ්මීර් ටයිම්ස් පුවත් පත වාර්තා කරයි..
‘ආරම්භක පිතිකරුවා පළමු පන්දුවෙන්ම දැවී ගියත් විරාත් කෝලිගේ කඩුල්ල දවාගත් පසු මම ගොඩක් සතුට වුනා.මොකද මීට පෙරත් සුරංග පළමු පන්දුවෙන්ම කඩුල්ලක් ලබාගෙන තියනවා. (2010-11 වර්ෂයේදී පල්ලේකැලේහීදී පැවැති තරගයේ බටහිර ඉන්දීය කොදෙවි ක‍්‍රීඩක ක‍්‍රිස් ගේල් ගේ කඩුල්ල දවා ගැනීම) කොලි ලකුණු නොලබා දැවී ගියා.ඔහු ලෝකයේම සිටින ගොඩක් භයානක පිතිකරුවෙක්..ශ‍්‍රී ලංකාවට එරෙහිව ඔහු තබා ඇති වාර්තා ගොඩක් විශිෂ්ටයි..ඒ තනතීරුව හොද පිතිකරුවකුට වුනත් ලකුණු ලබාගැනීමට අසීරු තනතීරුවක්..’
‘සුරංග ගොඩක් හොදට පන්දුයැව්වා..දිගු කාලයක පසුව ඉන්දියාවේදී මේ වගේ තරගයක් දැක්කේ..ගොඩක් සතුටුයි මගේ පුතා ගැන.මෙම තරගාවලිය පුරාම ඔහු උපරිම කරයි කියල බලාපොරොත්තු වෙනවා..ඇත්තටම මට ගොඩක් ආඩම්බරයි.’
from Gossip Lanka News & Video http://ift.tt/2B2hUsM
via internet
0 Comments