Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පළාත් පාලන ඡන්දයට අද සිට ඇප මුදල් තැන්පත් කළ හැකියි

පළාත් පාලන ආයතන 93ක මැතිවරණය පැවැත්වීමට අදාළ නාමයෝජනා බාරගැනීමේ දින ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව දෙසැම්බර් මස 11 වනදා සිට 14 වනදා මධ්‍යහන 12.00 දක්වා නාමයෝජන බාරදිය හැකි බව මැතිවරණ කොමිසම සඳහන් කළේය.

නෛතික බාධාවක් නොමැති පළාත් පාලන ආයතන 93ක මැතිවරණය පැවැත්වීමට පසුගිය සෙනසුරාදා රැස්වූ මැතිවරණ කොමිසම තීරණය කළේය.

ඒ අනුව අද(27) දිනයේ නාමයෝජනා බාරගැනීමේ නිවේදනය නිකුත් කළ බව මැතිවරණ කොමිසම සඳහන් කළේය.

මේ අතර මැතිවරණයට අදාළ ඇප මුදල් තැන්පත් කිරීමේ කටයුතු අද දිනයේ සිට සිදු කිරීමට හැකියාව පවතින බව මැතිවරණ කොමිසම පවසයි. ඇප මුදල් බාර ගැනීමේ කටයුතු දෙසැම්බර් මස 13 වන දින මධ්‍යහන 12.00න් අවසන් වේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();