Ticker

6/recent/ticker-posts

Header Ads Widget

දුෂණය කර මරා දැමූ විද්‍යා දැරියගේ උපන්දිනය වෙනුවන් යුද හමුදාවෙන් දරු දැරියන්ට අධ්‍යාපනික උපකරණ

යාපනය පුන්කුඩතිව් ප්‍රදේශයේදී කාමාතුරයින් අතින් ඝාතනය වූ සිවලෝගනාදන් විද්‍යා දැරියගේ 21 වන උපන්දිනය වෙනුවෙන් දිවයින පුරා ක‍්‍රියාත්මක වන පදිරි විදයා නමින් පදනමක් හා පුන්කුඩතිව් විදුහලේ දරු දැරයින්ට අධ්‍යාපනික උපකරණ හා පා පැදි බෙදා දීමේ උත්සවයක් යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් සංවිධානය කොට තිබුණි.

4656655

2015 වසරේ මැයි මස 13 වනදා පුන්කුඩතිව් පාසල වෙතට යමින් සිටියදී විද්‍යා දැරියට මෙම අවාසනාවන්ත ඉරණම අත් වූ අතර 2017 නොවැම්බර් මස 25 වනදාට විද්‍යා දැරයට වසර 21 ක් පිරීම නිමිත්තෙන් පුන්කුඩතිව් විදුහලේදී මෙම උත්සවය සංවිධානය කොට තිබින.

එම අවස්ථාවට යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් දර්ශන හෙට්ටිආරච්චි මහතා ඇතුලු ජ්‍යේෂ්ට යුද හමුදා නිලධාරීන් පිරිසක් හා ප්‍රවීන සිනමා නිලි සුනීතා වීරසිංහ විද්‍යා දැරයගේ මව ඇතුලු පිරිසක් සහභාගී වී සිටියහ.

යාපනය ආරක්ෂක සේනා ආඥාපති තුමන්ගේ පූර්ණ අධීක්ෂණයන්ගේ යුතුව මෙම උත්සව අවස්ථාව සංවිධානය කළ අතර සිනමා නිලි සුනීතා වීරසිංහගෙ සංකල්පයකට අනුව පුන්කුඩතිව් විදුහලේ දරු දැරියන්ට අධ්‍යාපනික උපකරණ හා පාපැදි බෙදා දීම සිදු විය.

ඊට අමතරව උත්සව අවස්ථාවේදී ආරම්භ කරන ලද විද්‍යා පදනම දිවයින් පුරාම ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති අතර සෑම මසක පාසල් දරු දැරියන් වෙනුවෙන් මෙසේ ශිෂයත්ව ප්‍රධානයන් සිදු කිරීමට එම පදනම හරහා කටයුතු ආරම්භ කොට ඇත.



from Gossip Lanka News & Video http://ift.tt/2k2qdBU
via internet

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();